Blogger Tricks Blogger Tricks

Thursday, May 1, 2014

දෙව් උයනකි



වෙල් සියකි
නිල් දියකි
පන්සලකි
ගම් ගොඩකි

තුරු පසකි
සිසිල රැකි
පවස මෙකි
නිවිය හැකි

පණ දහසකි
එකම සිතකි
ගුණ කම් රැකි
එක පවුලකි

ගුරු පාරකි
ඉපනැල්ලකි
දොළ පාරකි
දෙව් උයනකි

පින්තූරය අන්තර්ජාලයෙනි.

10 comments:

  1. කවිය ලස්සනයි... චිත්‍රයත් ලස්සනයි...
    පින්තූරය අන්තර්ජාලයෙනි//// මේ ටික දකිනකංම මං හිතං හිටියෙ මේ ඔයාලගේ ගෙවල් පැත්ත ගැන ඇත්තමඅත්දැකීමක් කියල..
    කට්ට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අපේ පැත්ත මේ වගේ නැහැ සහෝ.. ආච්චිලගේ ගම නම් කලින් මේ වගේ.දැන් එකත් වෙනස් වෙලා...

      Delete
  2. මෙහෙම වින්දොත් තමා ඉතින්. මේ හැමදේම දැන් ප්‍රදර්ශන බඩු බවට පත්වෙලා. සැබෑ ලෝකෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි, දැන් ගමත් නගරේ වෙලා තියෙන්නේ.අර අමුතු ලස්සන විනාස වෙලා තියෙන්නේ..

      Delete
  3. ගම මතක් වුනා.. ලස්සන පද වැලක්..

    ReplyDelete
  4. මනරම්...
    ගම.

    ජය වේවා!!!

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....