තනිව මුළු ගැන්වෙමින්
නිදමි මම ලැබෙනතුරු
මසිත හද මල් විලට
සතුට දෙන නිදහසක්....
නැත ඉමක් හෝ කොනක්
අතරමං වෙලා මං
නුඹට පෙම් බැඳී වරද
නැවත නොකරමි මං....
නැහැ සිතක් විදින්නට
ජීවිතය බිඳක් වත්
තුරු හඬන ගිම්හානෙ
ගසක් වෙමි මං....
නොහැක මට කරන්නට
නුඹ කැමති විදියටම
ආදරය සැමවිටම
හිඳින්නම් තනිව මං....
සැබෑ පෙම යනු ලොවේ
නිරතුරුව හමුවීම
පෙම් වදන් තෙපලීම
වුනේ නැත කිසි දිනෙක....
නුඹට නොහැඟෙන
මට හැඟෙන එය
කවදා කෙලෙසක
වටහා ගනීදැයි නුඹ
නොදනිමි මං.....
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ඊයක් එව්වා.....
Deleteමමත් ඊයක් එවන්නම් අද හෙටම.
Deleteසැබෑ ආදරය කියන්නේ හදවතින්ම ආදරේ විදින එක.. ඒකට ලග ඉන්නවද නැද්ද කියන දේවල් වල වැඩි බලපෑමක් නෑ..
ReplyDeleteඅනිවාර්යයෙන්ම දිනේෂ්, ඒක වැරදියට තේරුම් ගැනීම හරිම වැරදි දෙයක්.
Deleteආදරේට පාට දුන්නේද නුඹය
ReplyDeleteආදරේ කියා පාළු මැක්වේද නුඹය
ආදරේ නෑ යි හිත කඩා
දුර ගියේද නුඹය
මේක නම් ලස්සනයි මහේෂ්....
Delete/ සැබෑ පෙම යනු ලොවේ
ReplyDeleteනිරතුරුව හමුවීම
පෙම් වදන් තෙපලීම
වුනේ නැත කිසි දිනෙක..../
අන්න හරි..
මනරම් පැබැදුමක්..
ජය වේවා!!
බොහොම ස්තුතියි.... ඔබටත් ජය...
Deleteඋඩින් කියෙව්වට පස්සෙ කියන්න හිතාගෙන ආපු එකම විදානෙ කියලනෙ.
ReplyDeleteඔන්න ඔයටික තේරුම් ගෙන ආදරේ කලානම් ගොඩක් පෙම්වතුන්ට, පෙම්වතියන්ට ප්‍රේමය ජයගන්න පුලුවන් වෙනවා.
ඒක නම් ඇත්ත.....
Deleteආදරය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි කොයි දේකත් නියම ස්වභාවය හරියට තේරුම්ගන්නවනම් ඒ කොයිදේ එක්කත් ගනුදෙනු කරන එක ලේසියි.
ReplyDeleteතේරුම් නොගැනීම හා වැරදියට තේරුම් ගැනීම කියන දේවල් නිවැරදි කරගත්තොත් ජිවත් වෙන්න ලේසියි ගොඩක්....
Delete