Blogger Tricks Blogger Tricks

Sunday, April 27, 2014

සිත් මල් විල


තනිව මුළු ගැන්වෙමින්
නිදමි මම ලැබෙනතුරු
මසිත හද මල් විලට
සතුට දෙන නිදහසක්....

නැත ඉමක් හෝ කොනක්
අතරමං වෙලා මං
නුඹට පෙම් බැඳී වරද
නැවත නොකරමි මං....

නැහැ සිතක් විදින්නට
ජීවිතය බිඳක් වත්
තුරු හඬන ගිම්හානෙ
ගසක් වෙමි මං....

නොහැක මට කරන්නට
නුඹ කැමති විදියටම
ආදරය සැමවිටම
හිඳින්නම් තනිව මං....

සැබෑ පෙම යනු ලොවේ
නිරතුරුව හමුවීම
පෙම් වදන් තෙපලීම
වුනේ නැත කිසි දිනෙක....

නුඹට නොහැඟෙන
මට හැඟෙන එය
කවදා කෙලෙසක
වටහා ගනීදැයි නුඹ
නොදනිමි මං.....

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

13 comments:

  1. මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මමත් ඊයක් එවන්නම් අද හෙටම.

      Delete
  2. සැබෑ ආදරය කියන්නේ හදවතින්ම ආදරේ විදින එක.. ඒකට ලග ඉන්නවද නැද්ද කියන දේවල් වල වැඩි බලපෑමක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂ්, ඒක වැරදියට තේරුම් ගැනීම හරිම වැරදි දෙයක්.

      Delete
  3. ආදරේට පාට දුන්නේද නුඹය
    ආදරේ කියා පාළු මැක්වේද නුඹය
    ආදරේ නෑ යි හිත කඩා
    දුර ගියේද නුඹය

    ReplyDelete
  4. / සැබෑ පෙම යනු ලොවේ
    නිරතුරුව හමුවීම
    පෙම් වදන් තෙපලීම
    වුනේ නැත කිසි දිනෙක..../

    අන්න හරි..
    මනරම් පැබැදුමක්..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... ඔබටත් ජය...

      Delete
  5. උඩින් කියෙව්වට පස්සෙ කියන්න හිතාගෙන ආපු එකම විදානෙ කියලනෙ.

    ඔන්න ඔයටික තේරුම් ගෙන ආදරේ කලානම් ගොඩක් පෙම්වතුන්ට, පෙම්වතියන්ට ප්‍රේමය ජයගන්න පුලුවන් වෙනවා.

    ReplyDelete
  6. ආදරය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි කොයි දේකත් නියම ස්වභාවය හරියට තේරුම්ගන්නවනම් ඒ කොයිදේ එක්කත් ගනුදෙනු කරන එක ලේසියි.

    ReplyDelete
    Replies
    1. තේරුම් නොගැනීම හා වැරදියට තේරුම් ගැනීම කියන දේවල් නිවැරදි කරගත්තොත් ජිවත් වෙන්න ලේසියි ගොඩක්....

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....