ගෙවී ගිය විසි එක් දින
ගෙවුණු බව නොදැනුනත්
එකතු වූ මතකයන්
තවමත් සනසයි සිත..
පැයෙන් පැය දිනෙන් දින ගෙවී ගොස්
සවිමත් වූ මිතුදම් අප තුල
පවතීවි දිවි ඇති තෙක් සිතේ
අනගි සිත්තමක් මෙන්..
පළමු දින සිට කඳවුරේ
කල කී දේ බොහෝ තිබුණත්
එකට සිටියත් අප සැම එකා මෙන්
ඒ වෙන්වුණු මොහොත
කෙසේ අමතක කරන්නද ??
(සැ.යු. දියතලාව ඉතාම ලස්සන මනරම් ප්‍රදේශයකි.)
හපුතලේ බණ්ඩාරවෙල මාර්ගයේ පිහිටි දියතලාව ඉතාමත් සිත්ගන්නාසුළු පරිසරයකින් යුත් පෙදෙසක්...
ReplyDeleteරසවත් කාලයක් ගතකර අැති හැඩයි...
ජය වේවා!!!
එහෙමයි, දවස් 21ක්.මග දිගට තියන සුන්දරත්වය නම් ලියන්නත් ලෝබයි වගේ.....ඒ තරම් ලස්සනයි.
Deleteලෝබ නැතිව ලියමු. කැඩෙට් කෑම්ප් එකක්ද?
ReplyDeleteleadership එකට ගියේ.....
Deleteමමත් බණ්ඩාරවෙල මාසයක් හිටියා ..දියතලාවේත් හිටියා ..නියමයි
ReplyDeleteඒකනේ... හරි පුදුම ලස්සනක් තියෙන්නේ...
Deleteදියතලාවෙ මමත් ටික කාලයක් හිටියා.
ReplyDeleteමට නම් ආයේ යන්න හිතෙනවා....
Deleteමම නම් ඔය පැත්තේ ඉදලම නැති හන්දා ඉතින් මේවා කියවද්දී යන්න හිතෙනව...
ReplyDeleteහරිම ලස්සන පැත්තක්. එක පාරක් ගිය කෙනෙක්ගේ හිත ගන්නේ නැති උනොත් පුදුමයි.ඒ තරම් හිත බැඳගන්න සුන්දරත්වයක් තියෙන්නේ...
Delete