Blogger Tricks Blogger Tricks

Wednesday, April 23, 2014

රොන් ගති බමරු


ලොව සුවඳවත් කරන
පියුම් ඇත ලොව
බොහොමයක් සතර දෙස
බමරු යන එන නිතර..
අසරණයි මල මෙලෙස
බමරු යනෙන විට නිතර
නමුත් දිය යුතුව ඇත
රොන් යනෙන බමරුන්ට
සුවඳ පමණක් රැගෙන
රොන් නොගෙන ඇවිත් යන
බමරු, සැනසිල්ල වේ මලට....

මෙවන් පියුමන් බොහෝ ඇත
නමුත් අසීරුය දකින්නට
එයයි ඒ උරුම වූ
ජීවිතය එවන් පියුමකට...

14 comments:

  1. පොස්ට් එකක් දාල දවසක්වත් තියෙන්න දුන්නනම් නරකද?
    නැත්නම් පෝස්ට් දෙකම එකට දාන්න..

    මල නෙතලා රොන් ගෙනයන ‌බමරු....

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත, ඉස්සරහට එහෙම කරන්න ඕන.නිකන් ලියන්න හිතුනා, වැඩ ටිකක් වැඩි නිසා දිග පොස්ට් දාන්නත් බැහැ මේ ටිකේ, ඒකයි.

      පියුම රවට්ටලා තමයි ඒ බමරු නම් රොන් ගන්නවා ඇත්තේ.....

      Delete
    2. මටත් හිතුනේ ඕකමයි.. එක ලගම පොස්ට් දාන්න එපා.. එතකොට ඒ ලියන දේට වෙන්නේ අසාධාරණයක්..

      Delete
    3. මම එහෙම කරන්නම්.. :)
      ස්තුතියි ගොඩක්...

      Delete
  2. මෙවන් පියුමන් බොහෝ ඇත
    නමුත් අසීරුය දකින්නට
    එයයි ඒ උරුම වූ
    ජීවිතය එවන් පියුමකට...////

    මට නං හිත ගියෙ මේ ටිකට... ඇත්තටම අද සමාජයෙ තියෙන අදුරු පැත්තක්...
    ඔඉ අපූරුවට කවියට නගල තියෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්.... ඔව් මම කලිනුත් කියලා තියනවා වගේ සමාජයේ දකින්න ඕන පැත්ත නෙමෙයි ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ

      Delete
  3. බොහෝ දේවල් බොහෝ ගැඹුරින් හිතන්න ඉඩදෙන කවි පංතියක්. ජයවේවා!!

    ReplyDelete
  4. වේගේ වැඩි නැත්ද ?පොඩ්ඩක් කල් දෙන්න කියවන අයටත් කියවන්න ..නැත්නම් හොද පොස්ටු යටවෙලා යයි
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එක නම් ඇත්ත, මම ඒකත් එකතු කරගන්නම්කො....
      ස්තුතියි...

      Delete
  5. මේ කවිය තමා මට නං මතක් උනේ මෙක කියවද්දි මේක මගේ කවියක් නං නෙමේ

    ලස්සන මල් සොයා ඹඹරුන් එයි රොන් ගන්න
    එමල තලා රොන් ගෙන උන් යයි යන්න
    පරවුන මලට යලි බෑ විකසිත වෙන්න
    මල දත යුතුයි විකසිත බව රැක ගන්න

    ඇත්තට හුගක් මල් පරවෙන්නෙ ඈතින් එන ඹඹරුන්ට රුවටෙන කොට එයාව මේ ලෝකෙට ගෙනාව පණටත් වඩා ආදරේ අම්මා තාත්තා අමතක වෙන හින්දාමයි.

    ලස්සනයි අපූරු අදහස ජය වේවා

    ReplyDelete
    Replies
    1. මේක නියමයිනේ.....
      මේ වචන ටික නම් මරු...
      මුලින්ම අම්මා තාත්තට ආදරේ කරන්න ඕන, මොකද එයාලා තරන් කිසිම කෙනෙක් ආදරේ කරන්නේ නෑ...

      Delete
  6. ඇත්තටම ලස්සනයි කැස්පර්. දිගටම ලියන්න.

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....