Blogger Tricks Blogger Tricks

Tuesday, April 22, 2014

දියතලාවේ සොඳුරු මතකය


ගෙවී ගිය විසි එක් දින
ගෙවුණු බව නොදැනුනත්
එකතු වූ මතකයන්
තවමත් සනසයි සිත..

පැයෙන් පැය දිනෙන් දින ගෙවී ගොස්
සවිමත් වූ මිතුදම් අප තුල
පවතීවි දිවි ඇති තෙක් සිතේ
අනගි සිත්තමක් මෙන්..

පළමු දින සිට කඳවුරේ
කල කී දේ බොහෝ තිබුණත්
එකට සිටියත් අප සැම එකා මෙන්
ඒ වෙන්වුණු මොහොත
කෙසේ අමතක කරන්නද ??

(සැ.යු. දියතලාව ඉතාම ලස්සන මනරම් ප්‍රදේශයකි.)

10 comments:

  1. හපුතලේ බණ්ඩාරවෙල මාර්ගයේ පිහිටි දියතලාව ඉතාමත් සිත්ගන්නාසුළු පරිසරයකින් යුත් පෙදෙසක්...
    රසවත් කාලයක් ගතකර අැති හැඩයි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි, දවස් 21ක්.මග දිගට තියන සුන්දරත්වය නම් ලියන්නත් ලෝබයි වගේ.....ඒ තරම් ලස්සනයි.

      Delete
  2. ලෝබ නැතිව ලියමු. කැඩෙට් කෑම්ප් එකක්ද?

    ReplyDelete
  3. මමත් බණ්ඩාරවෙල මාසයක් හිටියා ..දියතලාවේත් හිටියා ..නියමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හරි පුදුම ලස්සනක් තියෙන්නේ...

      Delete
  4. දියතලාවෙ මමත් ටික කාලයක් හිටියා.

    ReplyDelete
    Replies
    1. මට නම් ආයේ යන්න හිතෙනවා....

      Delete
  5. මම නම් ඔය පැත්තේ ඉදලම නැති හන්දා ඉතින් මේවා කියවද්දී යන්න හිතෙනව...

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන පැත්තක්. එක පාරක් ගිය කෙනෙක්ගේ හිත ගන්නේ නැති උනොත් පුදුමයි.ඒ තරම් හිත බැඳගන්න සුන්දරත්වයක් තියෙන්නේ...

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....