Friday, May 9, 2014

නොහැක නොදකින්නට



යනෙන මග සැමතැනම
හමුවනා නුඹේ රුව
සිත ගැටෙනු ඇත නිතර...
කතා කළ, ලඟින් රැඳී
නුඹම නොහදුනන ලෙසින් අද
යන විටදී මගෙන් දුර
නොඑමි විමසන්න සැප දුක
පෙර ලෙසේ....

නුඹේ ඔය රුව මගේ
නෙත ගැටෙන විට නිතර
දුරින් සිට ඔබ දෙස බලා
සැනසුවෙමි සිත....
එකට ගෙවූ නිමේෂයන්
කියයි තනිකම හිතට
නුඹේ නොවෙයි වරද
පමණි මාගේම එය...

මල් පිපුණු වසන්තය
දකින්නට තවත් නැත
මල් නොමැති මල් උයනෙ
සමනලුන් හිඳ කුමට,
හැර වෙන්ව යනු මැනේ
නොඑන්නට කිසි දිනෙක,
මල් පිපෙන උයනකට...

පින්තුරය අන්තර්ජාලයෙනි.

17 comments:

  1. දුකයි තමයි ඉතිං...

    ReplyDelete
    Replies
    1. නොලැබෙන දේවල් වලට දුක් වෙනවට වැඩිය ලැබිලා තියන දේවල් ගැන සතුටු වෙන්න ඕන නේද දේශක යා.ඒ නිසා දුක පැත්තකට දාලා සතුටු වෙන එක තමයි වටින්නේ :)

      Delete
  2. හරිම අලංකාරයි මචං. උපරිම රසවින්දනයක් ලැබුවා. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... ඒක මට ලොකු සතුටක් :)

      Delete
  3. කවිය ලස්සනය... එහි දෙකක් නැත... ඒත් ටිකක් වෙනස් සිතුවිල්ලක් අකුරු කලා නං මොකද හැමදාම එකම ජාතිය කියවනකොට එපා වෙනව කොල්ලො

    ReplyDelete
    Replies
    1. :)
      ලගදීම වෙනස් විදියට අකුරු කරන්නම්කෝ.... අදහසට ස්තුතියි.... මට ඒක ගොඩක් වටිනවා...

      Delete
  4. ලස්සනයි දිගටම ලියන්න, මම මෙහෙ ආපු පලවෙනි පාර වෙන්න ඔනැ

    ReplyDelete
    Replies
    1. කඩයිමට ගොඩ උනාට ස්තුතියි... දිගටම එන්න පුළුවන් නම්

      Delete
  5. ලස්සනයි ගීය . හොඳට ගීයේ අදහස හිතේ මැවෙන්න ලියලා තියෙනවා.

    නෙතින් එහා අපිත් එක්ක එකතු වෙන්න කලා ලොවේ දුරක් යන්න

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  6. අාදරයේ වේදනාව...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජිවිතේ හැටි තමයි විදානේ.... :)

      Delete
  7. මොනා කරන්නද, දුක තමා බං..

    ReplyDelete
  8. දුකයි තමයි ඉතිං...

    මේ තියෙන්නේ අපි ලියපුවා

    නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
    නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
    නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
    නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

    සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
    මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
    නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
    ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

    වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
    තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
    වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
    නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

    නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

    ඕක අපි කාටත් අර මොකක්ද මහා පොදු සාදකය වෙලානේ මචං :P

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්, ටික දවසකින් සාමාන්‍ය වෙනවා මේ දේවල්.කොහොම උනත් සතුටින් ඉන්න එක තමයි වැදගත් අපේ වැඩ හරියට කරගන්න

      Delete
  9. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....