තවත් උදෑසනක්..
අහස් ගැබ අඳුරු වුනු
හිරුට තහනම් උදේ
දුම්රියක් ඇදෙනවා
මහ වැස්ස වැටෙද්දී...
තාර දැමු රළු පාරේ
පවස නිවනා වෙලේ
නැගුනු ඒ මිහිදුමෙන්
සුවඳ දෙයි වා තලේ ...
මුහුදු රළ පෙලින් පෙළ
හැපි හැපී පෙණ බිඳෙන
මුහුදු කුස වැහි බින්දු
වහ වහා ගිල ගනියි....
ගෙවුණු ඒ නිමේෂයේ
සිත දුවයි හැම තැනම
නිතර යන සිත් උයනේ
නතර වෙයි අවසනදී...
පින්තුරය අන්තර්ජාලයෙනි.
අපූරුම කවි අඩවියක් නේ එන්නම් දිගටම. ඒත් මොකද්ද අවුලක් ෆලෝ කරන්න බෑ.
ReplyDeleteබොහොම ස්තුතියි... බ්ලොගර් වල මොකද්ද අවුලක්.ගූගල් එකෙන් කියන්නේ ඉක්මනට හදනවා කියලා.
Deleteලස්සනයි මචං එල ජය වේවා
ReplyDeleteබොහොම ස්තුතියි සොමි යා...
Deleteහෙට අළුත් අළුයමක් කියලා නිතරම හිතේ තියා ගන්න එක හොදයි..
ReplyDeleteඅනිවාර්යයෙන්ම දිනේෂ්, අලුත් අළුයමක්, අලුත් දවසක්.
Deleteලස්සනයි...........
ReplyDeleteස්තුතියි සිතුම් සිහින :)
Delete