Blogger Tricks Blogger Tricks

Tuesday, May 13, 2014

තවත් උදෑසනක්..



අහස් ගැබ අඳුරු වුනු
හිරුට තහනම් උදේ
දුම්රියක් ඇදෙනවා
මහ වැස්ස වැටෙද්දී...

තාර දැමු රළු පාරේ
පවස නිවනා වෙලේ
නැගුනු ඒ මිහිදුමෙන්
සුවඳ දෙයි වා තලේ ...

මුහුදු රළ පෙලින් පෙළ
හැපි හැපී පෙණ බිඳෙන
මුහුදු කුස වැහි බින්දු
වහ වහා ගිල ගනියි....

ගෙවුණු ඒ නිමේෂයේ
සිත දුවයි හැම තැනම
නිතර යන සිත් උයනේ
නතර වෙයි අවසනදී...

පින්තුරය අන්තර්ජාලයෙනි.

8 comments:

  1. අපූරුම කවි අඩවියක් නේ එන්නම් දිගටම. ඒත් මොකද්ද අවුලක් ෆලෝ කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... බ්ලොගර් වල මොකද්ද අවුලක්.ගූගල් එකෙන් කියන්නේ ඉක්මනට හදනවා කියලා.

      Delete
  2. ලස්සනයි මචං එල ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොමි යා...

      Delete
  3. හෙට අළුත් අළුයමක් කියලා නිතරම හිතේ තියා ගන්න එක හොදයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂ්, අලුත් අළුයමක්, අලුත් දවසක්.

      Delete
  4. ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුම් සිහින :)

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....