අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්‍රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වෝටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ. දැන් ඉතින් මොකද කරන්නෙ කියල බල බල ඉන්නෙ නැතුව හෙමින් ගිහින් පිටිපස්සෙන් ( ඔව් ඔව් පිටි පස්සෙ සීට් එකක තමයි ) වාඩි වුනා. හරියටම මහින්ද දේශප්‍රිය මහත්මයගෙ කතාවට ටිකක් කලින්. මම ඉතින් කාවවත් අඳුරන්නෙත් නෑලු. හැබැයි එහෙම කියලා උත්සවේ රසවින්දනය නම් අඩුවක් උනෙ නෑ. අන්තිම වෙනකන්ම හිටියා.
නෙළුම්යාය සංවිධායක මඬුල්ල ලොකු මහන්සියක් වෙලා තිබුනා කියන එක නම් මුල ඉඳලම දැක්කා. ඒ අයට ස්තූතියි ගොඩක්. ඒ වගේම සංගීතයෙන් අපිව පිනවපු අපි මචං සෙට් එකටයි, ඔපෙරා කණ්ඩායමටයි (ජීවිතේ පළවෙනි වතාවට ඔපෙරා එකක් කියලා දෙයක් ධනුවා බැලුවමද කොහෙද ), ජනයි ප්‍රියාටයි, අන්තිම නාට්‍ය කරපු අයටයි ස්තූතියි උත්සවේ වර්ණවත් කලාට. එතැන ගතකරපු පැය කීපයට ඇත්තටම වටිනාකමක් ලැබුනා. ගොඩක් අය අඳුරගත්තා. එන සැරේ තවත් හොඳට සංවිධානය කරන්න සුභ පතනවා.
අර කිව්ව 50% බද්ද නිසා ධනුවගෙ අන්තර්ජාලෙ සම්බන්ධතාව අත්හිටුවලා තියෙන්නෙ. බිල දහ දාහක්. දෙයියනේ කියලා ෆෝන් එකක් තියන නිසා ඒකෙන් මේ අකුරු කරේ හදිස්සියෙ.
සම්මාන ලැබුණු හැමෝ්ටම උණුසුම් සුභ පැතුම් !!
හි හි.. සෑහෙන කාලෙකින් දැක්කෙ..
ReplyDeleteජය වේවා
ReplyDeleteජය !!
Deleteබ්ලොග් ලියන අයට සම්මාන දෙන එක ගැන මොකෝ හිතෙන්නේ?
ReplyDeleteහොඳයි කියලා මට හිතෙන්නේ. ලියන දේවල් වලට සමාජීය වටිනාකමක් දෙන එකෙන් බ්ලොග් ලියන අය ගැනයි ලියන දේවල් ගැනයි සමාජේ දැනුවත් වීමකුත් වෙනවනේ.
Deleteසමව සුහදතාවෙන් විය මිහිරි තනූ
ReplyDeleteනුඹව හඳුනගත් එක සතුටක්ය ධනූ....
ජයවේවා!!!
මටත් එහෙමයි දුමී... නැවත හමුවෙමු
Deleteඑළ.
ReplyDeleteඅපි බලමු මේ බද්ද අයින් කරගන්න
ඔව් එකතුවෙලා දෙයක් කරනවා නම් කියන්න.. මම ඉන්නවා..
Delete// ජීවිතේ පළවෙනි වතාවට ඔපෙරා එකක් කියලා දෙයක් ධනුවා බැලුවමද කොහෙද// මම වේදිකා නාට්‍ය අනන්තවත් බලලා තිබ්බට ඔපෙරා මේ බැලුවමයි... ජය වේවා සහෝ...
ReplyDeleteඒකනේ... හැමෝම එක තැනකට ආපු එක ගැන සතුටුයි. හමුවීම සතුටක්. ජය!!
Deleteඊළඟ සම්මාන උළෙලට එන්න හිතන් ඉන්නෙ ... සම්මාන ලැබුන අයට සුබපැතුම්
ReplyDeleteඅනිවා .. හමුවෙමු එන සැරේ
Deleteධනුවා මට මුණ ගැහුණේ නෑ. මතු යම් දවසක මුණගැහේවි. මොනවා වුණත් බ්ලොග් එක අහු වුණානේ. ඒ ඇති.
ReplyDeleteසුදීක
හම්බ උනානෙ. ඇයි යද්දි කතා කරේ. අයියා කාර් එකේ මහේෂ් අයියා එක්ක පාර ගාවට දාගෙනත් ගියේ 😁
Deleteඅප්පා එහෙමද? නමින් හඳුනා ගෙන නොසිටි නිසා ටැපලුනා
Deleteආ.. ඒකට මක් වෙනවද. ෆේස්බුක් එකෙත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනානෙ 😂ආයෙ නම් ඒම වෙන එකක් නෑ..
Deleteඅදුනගන්න ලැබීම සතුටක්.. දිගටම ලියමු අයියේ!!!
ReplyDeleteමටත් අඳුරගන්න ලැබීම සතුටක්. මල්ලි මේ පැත්තට වැඩිය සෙට් වෙන්නෙ ටෙක් පැත්තටනෙ. මගෙ අනිත් බ්ලොග් එකටත් සෙට් වෙන්න https://dhanushkablog.wordpress.com/ 😁
Delete