Blogger Tricks Blogger Tricks

Sunday, March 26, 2017

නෙළුම්යායයි මමයි

කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.

අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්‍රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වෝටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ. දැන් ඉතින් මොකද කරන්නෙ කියල බල බල ඉන්නෙ නැතුව හෙමින් ගිහින් පිටිපස්සෙන් ( ඔව් ඔව් පිටි පස්සෙ සීට් එකක තමයි ) වාඩි වුනා. හරියටම මහින්ද දේශප්‍රිය මහත්මයගෙ කතාවට ටිකක් කලින්. මම ඉතින් කාවවත් අඳුරන්නෙත් නෑලු. හැබැයි එහෙම කියලා උත්සවේ රසවින්දනය නම් අඩුවක් උනෙ නෑ. අන්තිම වෙනකන්ම හිටියා.



නෙළුම්යාය සංවිධායක මඬුල්ල ලොකු මහන්සියක් වෙලා තිබුනා කියන එක නම් මුල ඉඳලම දැක්කා. ඒ අයට ස්තූතියි ගොඩක්. ඒ වගේම සංගීතයෙන් අපිව පිනවපු අපි මචං සෙට් එකටයි, ඔපෙරා කණ්ඩායමටයි (ජීවිතේ පළවෙනි වතාවට ඔපෙරා එකක් කියලා දෙයක් ධනුවා බැලුවමද කොහෙද ), ජනයි ප්‍රියාටයි, අන්තිම නාට්‍ය කරපු අයටයි ස්තූතියි උත්සවේ වර්ණවත් කලාට. එතැන ගතකරපු පැය කීපයට ඇත්තටම වටිනාකමක් ලැබුනා. ගොඩක් අය අඳුරගත්තා. එන සැරේ තවත් හොඳට සංවිධානය කරන්න සුභ පතනවා.

අර කිව්ව 50% බද්ද නිසා ධනුවගෙ අන්තර්ජාලෙ සම්බන්ධතාව අත්හිටුවලා තියෙන්නෙ. බිල දහ දාහක්. දෙයියනේ කියලා ෆෝන් එකක් තියන නිසා ඒකෙන් මේ අකුරු කරේ හදිස්සියෙ. 




සම්මාන ලැබුණු හැමෝ්ටම උණුසුම් සුභ පැතුම් !!

එහෙනම් ජය !! ආසයි හමුවෙන්න කට්ටියම ආයෙ.

19 comments:

  1. හි හි.. සෑහෙන කාලෙකින් දැක්කෙ..

    ReplyDelete
  2. බ්ලොග් ලියන අයට සම්මාන දෙන එක ගැන මොකෝ හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හොඳයි කියලා මට හිතෙන්නේ. ලියන දේවල් වලට සමාජීය වටිනාකමක් දෙන එකෙන් බ්ලොග් ලියන අය ගැනයි ලියන දේවල් ගැනයි සමාජේ දැනුවත් වීමකුත් වෙනවනේ.

      Delete
  3. සමව සුහදතාවෙන් විය මිහිරි තනූ
    නුඹව හඳුනගත් එක සතුටක්ය ධනූ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි දුමී... නැවත හමුවෙමු

      Delete
  4. එළ.
    අපි බලමු මේ බද්ද අයින් කරගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් එකතුවෙලා දෙයක් කරනවා නම් කියන්න.. මම ඉන්නවා..

      Delete
  5. // ජීවිතේ පළවෙනි වතාවට ඔපෙරා එකක් කියලා දෙයක් ධනුවා බැලුවමද කොහෙද// මම වේදිකා නාට්‍ය අනන්තවත් බලලා තිබ්බට ඔපෙරා මේ බැලුවමයි... ජය වේවා සහෝ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හැමෝම එක තැනකට ආපු එක ගැන සතුටුයි. හමුවීම සතුටක්. ජය!!

      Delete
  6. ඊළඟ සම්මාන උළෙලට එන්න හිතන් ඉන්නෙ ... සම්මාන ලැබුන අයට සුබපැතුම්

    ReplyDelete
  7. ධනුවා මට මුණ ගැහුණේ නෑ. මතු යම් දවසක මුණගැහේවි. මොනවා වුණත් බ්ලොග් එක අහු වුණානේ. ඒ ඇති.

    සුදීක

    ReplyDelete
    Replies
    1. හම්බ උනානෙ. ඇයි යද්දි කතා කරේ. අයියා කාර් එකේ මහේෂ් අයියා එක්ක පාර ගාවට දාගෙනත් ගියේ 😁

      Delete
    2. අප්පා එහෙමද? නමින් හඳුනා ගෙන නොසිටි නිසා ටැපලුනා

      Delete
    3. ආ.. ඒකට මක් වෙනවද. ෆේස්බුක් එකෙත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනානෙ 😂ආයෙ නම් ඒම වෙන එකක් නෑ..

      Delete
  8. අදුනගන්න ලැබීම සතුටක්.. දිගටම ලියමු අයියේ!!!

    ReplyDelete
    Replies
    1. මටත් අඳුරගන්න ලැබීම සතුටක්. මල්ලි මේ පැත්තට වැඩිය සෙට් වෙන්නෙ ටෙක් පැත්තටනෙ. මගෙ අනිත් බ්ලොග් එකටත් සෙට් වෙන්න https://dhanushkablog.wordpress.com/ 😁

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....