පිණිබිඳු මල්පෙති තැවරූ...
මදනල සිහිල් සැනසවූ...
හද සිතුවමක් වගේ වූ...
මොහොතක් වගේලු ගෙවුනේ...
ලොව මිහිරක්ම වුනාවේ...
සිත තව මතක කියාවී...
තව වසන්තයෙම රැඳේවී...
ඔබමයි එළිය ගෙනාවේ...
සිතුවිලි එකින් එකක් වූ...
පැටලී ගෙවු එ කාලේ...
මල් සුවඳක්ය මගේ වූ...
මේ ගිම්හාන වසන්තේ...
දේදුනු නෙතින් ගලා ආ..
එළියෙන් පෙමක් උදාවී..
තනිවූ හිතක් තියේවී...
නුඹ දුන් සිතේ බැඳී ආ..
මේ වස්සාන නිමාවේ..
නුඹ නෑ යන්න ලඟින් මා..
තනිවී මෙ වේදනාවේ...
යමි මල් වියන් මැදින් මා..
නුඹ ගිය තැනින් සිනාවී...
තවමත් හදේ සිතුම් වේ...
ලොව මිහිරක්ම වුනාවේ ...
කඳුලින් දෙනෙත් වැසේවී ...
ම්ම්ම් සුන්දර ආදරයක්...
ReplyDeleteඔව් සුන්දරයි.. වේදනාවයි දෙකම :D
Deleteසුන්දරයි....
ReplyDeleteස්තූතියි අරු..
Delete