Sunday, March 19, 2017

අඟුළු

මින් පසුව හදවතට 
අඟුළු දැමිය යුතු බවට 
හදවතට දුන් ඉඟිය
හදවතටත් නොදැනීම
මගහැරීගොස් තිබිණි,
තනිවුණු මලානික
පුංචි බලාපොරොත්තුවක්
හද කොනේ තවමත්
ඉතිරි වී ඇත.

6 comments:

  1. මටත් ලොකු ඉබ්බෙක් හොයා ගන්න ඕනේ

    ReplyDelete
  2. තවත් පමා නොවන්න.
    ඒ මලානික බලාපොරොත්තුවට
    හැකි ඉක්මණින් සෙනෙහසේ වතුර ඉසින්න,
    සොඳුරු අනාගතයක් දැකීමට....

    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ බලාපොරොත්තුවට නැගිටින්නවත් පණක් නෑ .. ජය!!

      Delete
  3. හැමෝම එහෙමයි. පොඩි බලාපොරොත්තු එකක් දෙකක් ඉතිරි වෙලා තියනවා ... ඒ කවිය හරි ලස්සනයි ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ... ස්තුතියි මේ පැත්තට ආවට ..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....