Blogger Tricks Blogger Tricks

Saturday, July 25, 2015

ඔබේ පායුග දන නමන්නට... අපි ලැබූ පින් අපිට අද හිමි නෑ

එදා මෙදා තුර මුළු මහත් ලංකාවක්ම හැඬවූ, ජාති ආගම් කුල මල නොතකා ලංකාවම දුක් වුණු, මාගේ මතකයේ ඇති එකම දිනය අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වූ දිනයයි. නන් දෙසින් පැමිණි ජන ගංගා මංමාවත් අතුරු සිදුරු නැතිව පිරවූයේ ශ්‍රී ලංකාද්වීපයේ පිනට පහල වූ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව දරාගත නොහැකි දුකක්ද හිත් තුල දරාගෙනය.



මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට කඳුලක් නැගෙන වාර අනන්තයි. උන්වහන්සේ රට, ජාතිය වෙනුවෙන් කල කැප කිරීම් වචනයෙන් විස්තර නොහැකි තරම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකි.

උන් වහන්සේගේ දේශනා අහද්දී හිතෙනවා උන් වහන්සේ අනාගතය දැක්කද කියලත්. ඒ තරමට උන් වහන්සේගේ දේශනා කාලෝචිතයි.

නමුත් උන්වහන්සේ අපවත් කරවන්නට අනයාගමිකයින් ගත් උත්සාහයන් සඵල කරමින් උන් වහන්සේ අප අතරින් සමුගත්තේ යන්නට තව බොහෝ දුරක් තියෙද්දියි. අවසානයට පෙර උන් වහන්සේ අප තරින් වෙන් උනත් අපේ හිත් වල උන්වහන්සේ සදාකාලිකයි. මේ තියෙන්නේ උන්වහන්සේ අපවත් කරවීමට පැහැදිලි සාක්ෂි.






































ඔබ වහන්සේගේ නික්මයාම මුළු මහත් බෞද්ධ ජනීජනයාට සිදු වූ කිසිදා පිරවිය නොහැකි පාඩුවක්. එය කවරෙකු කෙසේ කීවද සදාතනික සත්‍යයකි.

නමදින්නට ඔබේ පායුග 
නොලැබුනද කිසි දින 
ඔබ වහන්සේ කල කීදැ 
සියසින් දුටිමි හාමුදුරුවනේ 
ඔබ වහන්සේ දෙසු බණ 
දෙසවන වැකුණි නිතරම 
පින් මදි නිසා අපට 
නුඹ වහන්සේ නොකියාම 
යන්න ගිය දින 
දැනුනු වේදනා කඳුලැලි 
මකන්නට නැවත 
බුදු පුතෙකු වී යලි වඩිනු මැන 
බුදුන් වැඩි දේශය 
මියැදෙන යුගයක 
අපි අසරණ වෙලා වගේ 
හිතට දැනෙනවා හාමුදුරුවනේ ...



2 comments:

  1. සියල්ල බැලුවා...... සිද්ධිය තාමත් මතකයි..... හරිම කණගාටුදායක සිදුවීමක්...

    ReplyDelete
  2. සෝම හාමුදුරුවන්ගේ අපවත් කරවීම ගැන පත්කළ කොමිසම ඔක්කොම දන්නවා. දේහය ලංකාවට ගේනකොට කළු රෙදි කෑල්ලක් අන්දවා කුරුසයක් කරේ දමා තිබුනා. Dr.අනුලා විජේසුන්දරගෙන් අහන්න.

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....