Blogger Tricks Blogger Tricks

Thursday, December 21, 2017

නුඹ

සෙමින් හමනා සුළඟට 
ඔහේ පාවෙන ලස්සන
සමන් මල් ඉත්තට
ලැබුණෙ කොහොමද
නුඹේ සිනහව..

විසල් දහවල් එළියට
නිලට දිලිසෙන ලස්සන
සොඳුරු නිකැළැල් අහසට
ලැබුණෙ කොහොමද
නුඹේ ඇස් දෙක...

2 comments:

  1. නුඹේ ආදර හිත මට
    දුන්නු හින්දා සින්නෙට
    දුනිමි සිනහව මලකට........
    නුඹේ දෑසින් මේ මට
    පෙනෙන හින්දා ලෝකය
    දුනිමි ඇස් දෙක
    විසල් අහසට

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....