Blogger Tricks Blogger Tricks

Saturday, March 18, 2017

නොදන්නවට නුඹ


හමුවෙලා මගතොටදි
අතීතයෙ මගේවුනු
සිනාකැන් අතරින්..
ඇහෙනවද තාමත්
ඉස්සර වගේ
හදවතේ සුසුම් හඬ..
නොදන්නවට නුඹ
ඇහුවත් දුකසැප
මැරුණු හිතක..
පැහැදුල් සුසුම්
නොමැති බැව්
ඉඳහිට දැවටෙන
රිදුම මිස..

Monday, March 13, 2017

ධනුවාගේ මිනි #7 - අමතකද දැන් නුඹට..

හිරු බසින ගොම්මනේ
ගංතෙරේ බංකුවක
ආදරේ පිරුණු හැටි
ගිගුම් දෙයි නිරතුරුව..
තුරුල් වී මා ළඟට
නොදොඩාම කිසිවක්
ඇස් වලින් හිත් වලට
කතාකල නිමේෂය
අමතකද දැන් නුඹට..


Thursday, March 9, 2017

ධනුවාගේ මිනි #6 - සත්තමයි


ආයෙත් යන්න පුළුවන් නම්
මම නුඹව දුටු
මුල්ම දිනයට
සත්තමයි යනවා මං
නුදුටු සේ මම නුඹව

Wednesday, March 1, 2017

සිත් අහසේ දේදුන්නයි ආදරේ..

නොලැබෙනා..
හිත ඔබට ලං වෙලා..
හිත පුරා ... මතක බිඳු ඇහැරෙනා

අහිමි වූ දා ..
දුරට වීලා ..
කඳුළු ඕනා ..
තව හැඩූ මා..
තනිකම නිසා ..
මැවී ආ..
සිත් අහසේ දේදුන්නයි ආදරේ..

පෙර වගේ ලංවී හිඳින් ..
මතු ආත්මයේ ..
සනසන්න සිහිලෙන් ඔබේ ..
ඔය පපු තුරේ ..
පැතුමන් ඇදී හදේ ..
සුසුමින් මිදේ ..
කව්රුත්ම නෑ මගේ ..
දුක නැති කලේ ..

නුරු හිතට රහසින් ඇවිදින්
සිහිනේ මගේ ...
රෑ නින්දටත් කඳුළු ...
ඔබ ලං කලේ ..
අදහන්න බෑ කෙසේ ..
සැනසෙන්න දෝ ..
දුක නැද්ද මේ වගේ ...
මා තනි කලේ...

නොලැබෙනා..
හිත ඔබට ලං වෙලා..
හිත පුරා ... මතක බිඳු ඇහැරෙනා




Saturday, February 25, 2017

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්න
තව එකම එක වතාවක්
අවසන් හුස්මට පෙර
ජීවිත කාලෙටම
අහිංසක හිතකට
තුරුල් කරගෙන
හද පතුලටම
රකින්නට හැමදාම

Thursday, February 2, 2017

හමුවෙමු තවත් එකම වතාවක්..

මමත් නුඹත්..
තේරුම් ගත්..
දවසක හවසක..
හමුවෙමු තවත් එකම වතාවක්..
වෙන්වී යන්න අපි අපෙන්..
නොදොඩාම කිසිවක්..
හුවමාරු කරගෙන මතක..
බෙදාගත් අතීතයෙ..
හමුවෙන්න මතු ආත්මයක..
බැඳීමක ප්‍රේමණිය...

Tuesday, January 31, 2017

ධනුවාගේ මිනි #5

හද මඬල පුරාවට
අමාවක අඳුරු සඳ
වලාවක තරැ එළිය
වෙලාවක හිත හඬන
අමතකද සිනාහඬ
ගුරු පාරෙ නුගේ ළඟ..

Monday, January 30, 2017

ධනුවාගේ මිනි #4

සීත මන්දාරමේ 
පිනි වැස්සෙදි 
තාම දැනෙනවා 
තුරුල් වී හිටිය හැටි 
දන්නවද?? 
ආදරෙයි තාමත් මං
වෙනස්වුණු නුඹට නෙමෙයි 
තුරුල් වුණු නුඹට...

Sunday, January 29, 2017

ධනුවාගේ මිනි #3


අප නිතර හැමදින
සවස මුණගැහුණු තැන
මල් පිපී නැත
මඳ සුළඟ නැත
මතක පමණක්
ඉතිරි වී ඇත..

ගම්මානේ - 3



කදමලු එහෙම අරගෙන ලොකු අම්මාට
පසුදින උදෑසන කඩමණ්ඩිය ලඟට
සේපාලිකා ආවා ටවුමට යන්ට
ටවුමෙන් ගන්නවා බස් එක දුම්බරට

නගා උදේ යන බව මට කිව් හින්දා
ආවා බලන්නට නුඹ දුර යන හින්දා
ප්‍රවෙසමට යන්නට ඕනා හින්දා
එන්නද මමත් ටවුමට යනකන් කැන්දා

සිරිල් අයියා තකහනියක් මේ උදයේ
ආවේ අපරාදෙ මේ කලබලයේ
යන්නට බැරිද මේ ටික දුර මට තනියේ
කලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේ

තාමත් මුරණ්ඩුව අඩු නැහැ නේද
හරි ආඩම්බරයි ඉස්සර වාගේම
මට ආදරේ හිතුනේ මේවට නේද
නොකියා කියන බහ රසයකි පෙරසේම

අයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේ
මම නැහැ තවම බහ දීලා දීගේ
තව දුර හිතන්නට තියනවා වාගේ
අයියා හොඳින් ඉන්නකෝ මේ ගම්මානේ

නගාගෙ කැමැත්තට මම ඉඩ දෙනවා
ඉල්ලපු දෑ අවුරුද්ද තව මම ඉවසනවා
එතකන් බහ දෙනකන් ලත වෙනවා
තේ වත්තේ වැඩත් ළඟ ළඟටම එනවා

එහෙනම් අයියේ මම බසයට යනවා
තව තව හොඳින් වැඩ කටයුතු කරවා
අයියා දස්සයනේ ඕවට හරි කරලා
අම්මට කියනවද මම යනවා කියලා

දුර සිට බලන් සිටි අපෙ සුදු බණ්ඩාර
ඉන්නවා දුක්බරව  දැක්කේ අන්තිමට
එක වචනයක් දුර යනු පෙර පවසන්ට
පුළුවන් කමක් ලැබුනේ නෑ හරි ආකාර

ලඟට එන්න බැරිමුත් අයියේ නුඹට
දනිමි නුඹේ සෙනෙහෙස ඇති මගෙ නමට
පොඩි සන්දියේ ඉඳන් අපි ආගිය ගිං වැවට
යන්නට හිතයි නුඹ එක්කල හවසකට

මතකයි අපි දෙන්න ඉස්සර වැව ඉවුරේ
සෙල්ලම් කළා එනකං ගොම්මන් අඳුරේ
සිරිල් දුරින් බලලා අපේ සෙල්ලම රහසේ
යනවා අම්මා එක්කල නොදුටුවා සේ

කියන්න වදන් තිබ්බත් හිත පිරෙන්නට
ඉඩ නැහැ අයියණ්ඩි නුඹ ළඟ මට තව ඉන්ට
හිටියොත් ගමේ තව මම සති කීපෙකට
කරනවා සිරිල් කරකාරේ  හරි ජයට

එහෙනම් අයියේ මම දුර යනවා යන්ට
එනවද මා බලන්නට නුඹ දුම්බරට
අරගෙන මම ආස පැණි වලලුත් බරට
මම මග බලමි එනකන් නුඹ දකින්නට

ලොකු නිහැඬියාවකින් පස්සේ ගම්මානේ ආයේ ලියන්න හිතුනා. කලින් කොටස් මෙතනින් බලන්න පුළුවන්.

ගම්මානේ
ගම්මානේ - 2