කඩයිම
දින, සති, මාස වලින් කාලේ ගෙවෙද්දී කම්මැලි කමට කුරුටු ගාන, හිතේ රැදුණු මතක මංපෙතයි කඩයිම....
Thursday, December 21, 2017
නුඹ
සෙමින් හමනා සුළඟට
ඔහේ පාවෙන ලස්සන
සමන් මල් ඉත්තට
ලැබුණෙ කොහොමද
නුඹේ සිනහව..
විසල් දහවල් එළියට
නිලට දිලිසෙන ලස්සන
සොඳුරු නිකැළැල් අහසට
ලැබුණෙ කොහොමද
නුඹේ ඇස් දෙක...
Friday, December 8, 2017
අසනි වැස්සක් වැහැපුදෙන්...
ඇසට ඇස හමු
නොවෙන ලෝකෙක
හිතක් තනියම මැරුණදෙන්...
අහස ගොරවන විදුලි කොටවන
අසනි වැස්සක් වැහැපුදෙන්...
නුඹේ ළඟ ඇති මගෙ හිතත්
අසනි වැස්සට හේදියන්...
සේදී සේදී වැහි දියට හිත
මරුන හිත පණ ඇදපුදෙන්....
Wednesday, December 6, 2017
වැඩිමල් ප්‍රේමය
මගදි නැවතෙන ගැටෙන
හරිම කලබල සැලෙන
හිතක් නැවතිලා
ටිකක් නුපුරුදු තැනක...
නොසිතාම දෙවරක්
ගැලවුණු හිතත් සතුටත්
අරගෙන දෑතකින්
යන්න ඔසවද්දි පයක්
කළා හිත තරවටුවක්
අරගෙන පය යලිත්
කන් දුන්නා හිතට පොඩ්ඩක්
ඒක වැඩිමල් හිතක්...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Monday, December 4, 2017
දකින්නැති කව්රුවත්
ලියන කාලයේ මං
පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්
ඉරගලත් පරව ගිය හවස්වල
ඇස් වලින් හිත් වලින්
ජීවිතේ සිරකරන්
සුසුම් උණුසුම් වෙන්න ඇති
නොදැක්කට කව්රුවත්
අහක යන උඩු සුළඟ
හිතට බර වැඩි නිසා
මං තාම තනියම අතරමං...
Sunday, December 3, 2017
බලාපන් මගේ හිත
වලාකුළු සිපගන්න
උස් කඳු මුදුන් ඇත
නොසෙල්වී අව් වැසිද
ඉවසනා අපූරුව
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන
වෙනස්වන හැමදේම
නොවෙනස්වු නියාවට...
Saturday, December 2, 2017
හඬගා කියමි මම
උන්මාද අහසට
හඬගා කියමි මම
නුඹ ඔහොම
ලස්සන තාලෙට
වෙන තරමටම ප්‍රේමණීය
තනිවෙලා මගේ හිත
ගොන්නක විඳවන
සිතුවිලි මතක...
ඉඳින් කියන් මට
කෙතරම් අසාධාරණද
නුඹ...?
Tuesday, September 19, 2017
එකම එක මොහොතකට
මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..
Saturday, July 8, 2017
විඳගන්න එනවා මං
මුමුණමින් හිතපුරා හෙමි හෙමින්..
නුඹ ලියූ ගී තනුව ඇසිල්ලෙන්..
දැනුනු නුඹෙ ආදරේ මේ තරම්..
විඳගන්න එනවා මං මොහොතකින්..
නොමැකෙනා මතකයෙන්..
ලියැවෙනා ගී පද වැලෙන්..
විඳිමි මං නුඹෙ ආදරේ..
මහමෙරක් තරමටම හද පෙතෙන්..
නුඹ ලියූ තනුව තුරුලට අරන්..
ගොතමි කතාවක් අපේ..
විඳගන්න මේ මිහිර හැමදාම..
ඉපදෙනා මතු භවයකත්..
Saturday, June 10, 2017
හිනාවෙන පිණි බිංඳු
හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...
වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..
රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...
Friday, June 2, 2017
ලියා ඇති සත්තමයි
බිදී විසුරුණු
තවත් රිදුමක
හීනි අගිස්සක
ලියා ඇති ආදරේ
සත්තමයි
ඇස් ගැටෙන ගැටෙන
හැම තැනක
නවතින එක නෙමෙයි
පපුව මැද රිදෙන එක
විතරක්ම වෙයි දවසක
කියලා ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)