යනෙන විට නුඹ සමග
පෙර දිනේ වීදි වල
ලැබුණු ඒ ගරු නාම
මගේද නැත්නම් ඔබෙද
කියා නොසිතුවෙමි මම
රතු පලස් එළෙන විට
දැනුනි ආඩම්බරය
තව වරක් නොසිතාම
රැගෙන යමි නුඹව මම
යහළු මිතුරන් හටද
පවසමින් මා ගැනම
නුඹ ලැබූ ඒ සතුට
දනිමි නුඹ ලෙස මමද
රැක බලා ගත් විදිය
සිහි කරමි නුඹ මාව
ඒ ලෙසට මාද නුඹ
බලා ගත්තෙමි නිතර...
යනෙන මග හැම විටම...
නමුදු අද අසරණව
ඉස්තාලේ දොර අසල
තනිවෙලා මම මෙලෙස
සවි බලය ඇත තවම
නමුත් නොදනිමි කරුණ
නුඹ ගෙනා සිව් සකට
හැකිද මා වැනි වෙන්න...
ලස්සන අදහසක්.. :)
ReplyDeleteතුරග, කිසිදා නොහැක
රියට නුබ වැනි වෙන්න..
සිත සවිය ඇත නුබට
මුත් නොමැත සවි ගතට..
නුබේ තැන රැක මෙලෙස
නොදි තව තුරගෙකුට
ගෙනාවෙමි රිය මහට
නිදහසක් දී නුබට..
ස්තුතියි... නියම කවි පිළිතුරක් ...
Deleteපට්ට මචං, සුපිරි, ජය වේවා.
ReplyDeleteස්තුතියි...
Deleteලස්සනයි බං..
ReplyDelete:)
Deleteස්තුතියි සහෝ...........
ලස්සන කවි පෙලක්..
ReplyDeleteජය වේවා!!!