පාසල් පටුමග දිගට
මුර කරන තුරු පෙලට
ඇසුණු ඒ පෙම් කවිය
ඇසෙනු ඇත අදද මට
ඇහැළ මල් වියන මත
පටලමින් අතින් අත
පිය නැගුව ඒ දිනය
දැනෙනු ඇත අදද මට
එක්ව එක මගක් ගිය
දිනය අද අවසන්ව
හුදකලා වෙලා මම
අප එදා ගිය මගම...
නුඹේ ඒ සරසවිය
ඉඩ නොදෙනු ඇත නුඹට
ලං වෙන්න මට නුඹට
ඔබ නැතත් පුරුද්දට
පෝය දින පටුමගට
එමි ඇවිද තනි වෙන්න
නුඹේ සිහින මතක වල...
"සංසාර පුරුද්දටදෝ මන්දා
ReplyDeleteගංඟාව ශෝකයෙන් වැළපෙනවා
මං තාමත් මහවැළි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා"
ලස්සනයි... :)
Deleteනියම අදහසක්
අපූරුයි...
ReplyDeleteමේක කියෙව්වම මට මතක් වුනේ හන්තානෙට පායන සද
එකත් ටිකක් මේ වගේ නේ??
Deleteලස්සනයි බං..
ReplyDeleteබොහොම ස්තුතියි මචන්...
Delete