Blogger Tricks Blogger Tricks

Monday, June 23, 2014

ඔබ නැතත් පුරුද්දට.....



පාසල් පටුමග දිගට
මුර කරන තුරු පෙලට
ඇසුණු ඒ පෙම් කවිය
ඇසෙනු ඇත අදද මට
ඇහැළ මල් වියන මත
පටලමින් අතින් අත
පිය නැගුව ඒ දිනය
දැනෙනු ඇත අදද මට
එක්ව එක මගක් ගිය
දිනය අද අවසන්ව
හුදකලා වෙලා මම
අප එදා ගිය මගම...
නුඹේ ඒ සරසවිය
ඉඩ නොදෙනු ඇත නුඹට  
ලං වෙන්න මට නුඹට
ඔබ නැතත් පුරුද්දට
පෝය දින පටුමගට
එමි ඇවිද තනි වෙන්න
නුඹේ සිහින මතක වල...

6 comments:

  1. "සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව ශෝකයෙන් වැළපෙනවා
    මං තාමත් මහවැළි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා"

    ReplyDelete
  2. අපූරුයි...
    මේක කියෙව්වම මට මතක් වුනේ හන්තානෙට පායන සද

    ReplyDelete
  3. ලස්සනයි බං..

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....