නිදි නැති රැයේ මැදියමට
නිදි නැති රැයේ මැදියමට
ලොව නිවන සඳ මඬල
මතකයිද නුඹට
වරෙක හිනැහුණු විදිය
තරු වියන පිරුණු විට,
නමුදු අද අමාවක
තරු වියන එලෙසමය
නුඹ නොමැත දකින්නට
අහස් කුස සිව් දිගට
වරෙක එළියක් වුවද
අඳුර අත ලඟම බව
නොසිතුවෙමි මම
නමුත් තව රැඳෙමි මම
මුළු ලොවක් දිනන්නට ...
පින්තුරය අන්තර්ජාලයෙනි.
පට්ට...
ReplyDeleteනුඹ නොවැති
ලොව මෙමට
පරිප්පු නැති හෝටලයක්ය...
ස්තුතියි :)
Deleteදැන් පරිප්පුත් හෙන ගණන් සහෝ ...
ඔවා ඔහොම තමයි බන් ;)))
ReplyDeleteඑකෙන්ම ...
Deleteඔවා ඔහොම තමයි බන් ;))
ReplyDeleteයකෝ කමෙන්ටු යකා කනවද??
ReplyDeleteඅවුලක් උනා නම් කනගාටුයි සහෝ දර, approve එක දුන්නම විතරයි publish වෙන්නේ, එකයි, අදහසට ස්තුතියි ...
Deleteකවිය ලස්සනයි....................
ReplyDeleteමං හිතන විදිහට මේ පැත්තට ආපු පළවෙනි පාර.. බ්ලොගය සාර්ථක ව කරගෙන යන්න. අදින් පස්සේ දිගට ම එන්නම්.. කවි ගැන නිතර කතා කරන්න පුළුවනි අපට......
බොහොම ස්තුතියි... අනිවාර්යයෙන්ම කතා කරමු ....
Deleteමේ පැත්තේ පළවෙනි වතාවට... දිගටම ලියමු ! ජය !
ReplyDeleteමේ පැත්තට ආවට ස්තුතියි.... දිගටම එයි කියලා බලාපොරොත්තු වෙනවා ....
Deleteඕවා ගැන වැඩිය හිතන්නේ නැතුව ඉදින් බං..
ReplyDeleteඒකනේ.. ඇත්ත කතාව මචන්
Deleteසද නොමැති අහසකට
ReplyDeleteඑලිය ගෙන නැගෙන්නට
පතන්නම් දිරි නුබට
හෙට ලොවක් දිනන්නට