වසත් කල හැඩ කෙරුව
සේද යහනා මැවූ
මිහිකතට පැහැය දුන්
සිරිය නුඹම විය
සරසවියට...
ලා රෝස මල් ඉහිණු
පෙම් කතා නෙත් හරුණු
සිතට සෙවණක් ගෙනා
මදනලක්ම විය අපට...
ගුම් නදින් සැනහෙනා
වා තාලය නුඹ නොමැති
අඩුව කෙලෙසක නම්
පුරවන්නද ..
ආදරණීය රොබරෝසිය,
නුඹ මැවූ සිරියාව
සැණකෙළියක්ම විය
පෙම් සිහින මවන්නට
සුවඳ සොයනා පෙමට...
පින්තූරය මුහුණුපොතෙනි.
ඒ අඩුව හැමදාම තියේවි..
ReplyDeleteඅනිවාර්යයෙන්ම මචෝ....
Deleteඇත්ත මචෝ ඒ ලස්සන ආයෙ කවද දකින්නද...
ReplyDeleteදුකයි...
ඒත් ඒ තමා සසර
අපි ඇත්තට මුහුණ දෙන්න වෙනවනෙ කවදාහරි... හැමදේම සදාකාලික නැහැනෙ .... :)
Deleteනැතිවුණ ගසට වැළපෙන්න පෙර
ReplyDeleteදැනත් හිටියානම් ගස් මැරෙන බව
අලුත් පැල නොසිටවූයේ කීම?
දැන සිටියා නම්
Deleteහැර යන බව මෙතරම්
ඉක්මනින්...
තව ගසක් නොව
සියක් සිටුවමි
වලකන්න හැරයාම...