Blogger Tricks Blogger Tricks

Tuesday, July 1, 2014

නිදි නැති රැයේ මැදියමට



නිදි නැති රැයේ මැදියමට
ලොව නිවන සඳ මඬල
මතකයිද නුඹට
වරෙක හිනැහුණු විදිය
තරු වියන පිරුණු විට,
නමුදු අද අමාවක
තරු වියන එලෙසමය
නුඹ නොමැත දකින්නට
අහස් කුස සිව් දිගට
වරෙක එළියක් වුවද
අඳුර අත ලඟම බව
නොසිතුවෙමි මම
නමුත් තව රැඳෙමි මම
මුළු ලොවක් දිනන්නට ...


පින්තුරය අන්තර්ජාලයෙනි.

14 comments:

  1. පට්ට...
    නුඹ නොවැති
    ලොව මෙමට
    පරිප්පු නැති හෝටලයක්ය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :)
      දැන් පරිප්පුත් හෙන ගණන් සහෝ ...

      Delete
  2. ඔවා ඔහොම තමයි බන් ;)))

    ReplyDelete
  3. ඔවා ඔහොම තමයි බන් ;))

    ReplyDelete
  4. යකෝ කමෙන්ටු යකා කනවද??

    ReplyDelete
    Replies
    1. අවුලක් උනා නම් කනගාටුයි සහෝ දර, approve එක දුන්නම විතරයි publish වෙන්නේ, එකයි, අදහසට ස්තුතියි ...

      Delete
  5. කවිය ලස්සනයි....................

    මං හිතන විදිහට මේ පැත්තට ආපු පළවෙනි පාර.. බ්ලොගය සාර්ථක ව කරගෙන යන්න. අදින් පස්සේ දිගට ම එන්නම්.. කවි ගැන නිතර කතා කරන්න පුළුවනි අපට......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... අනිවාර්යයෙන්ම කතා කරමු ....

      Delete
  6. මේ පැත්තේ පළවෙනි වතාවට... දිගටම ලියමු ! ජය !

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ස්තුතියි.... දිගටම එයි කියලා බලාපොරොත්තු වෙනවා ....

      Delete
  7. ඕවා ගැන වැඩිය හිතන්නේ නැතුව ඉදින් බං..

    ReplyDelete
  8. සද නොමැති අහසකට
    එලිය ගෙන නැගෙන්නට
    පතන්නම් දිරි නුබට
    හෙට ලොවක් දිනන්නට

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....