Blogger Tricks Blogger Tricks

Friday, May 8, 2015

ආතුර වුවන් අතර අනාතුරයකුව



තනි නොවුණු තරුවක් 
නැත අහසේ දකින්නට 
එලිය දෙන විට එකට 
එයයි දිදුලන රහස 
අහසක...
දුකක් නැත 
මන්ද 
හිතවත්කම්, සිනාවන්  
හදවතින්ම නිසා,
නොකර 
වෛරයෙන් ...
නුඹේ ඔය හිතවත්කම
අළු වලින් වැසුණු 
ගිනි පෙනෙල්ලක
දැවටුණු,  
වෛරයක් බව 
දැනෙන්නට 
ගතවුනේ 
නිමේෂයකි ...
මිනිසුන් නොමිනිසුන්
අතර 
හඳුනමි ආදරය
පෙරටත් වඩා 
හොඳින් දැන්...
තුති පුදමි 
දුන් හැම දෙයට 
මන්ද 
වෛර නොකරන නිසා
මිනිසුන්ට ...
සතුට මට,
ආතුර වුවන් 
අතර
අනාතුරයකුව 
සිටීමය ...



4 comments:

  1. වෙන්නත් බැරිම ඔ්ක තමා

    ReplyDelete
    Replies
    1. ලෝකේ විවිධාකරයිනේ කුරුටු ... ගැලපෙන්න ඉන්න වෙනවා

      Delete
  2. එක වෙලාවකට එහෙම ඉන්න එකත් මෝඩ කමක් කියලා දැනෙන අවස්ථාත් නැතුව නෙමෙයි ගොයියෝ..

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....