Blogger Tricks Blogger Tricks

Saturday, June 10, 2017

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...

වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..

රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...

4 comments:

  1. දාස් පෙතියා ගදයි

    ReplyDelete
    Replies
    1. සුවඳ උදවැඩියා වලට වැඩිය හොඳයි කියලා හිතෙනවා වෙලාවකට තනි වෙලා නැති නිසා අටම් අයියේ..

      Delete
  2. කවිය හරි ලස්සනයි

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....