Blogger Tricks Blogger Tricks

Friday, April 13, 2018

ආසයි මං

අහසක් තරම් ආදරේක
හති වැටිලා තනිවෙන්න
ආසයි මං නුඹේ ළඟ
නැවතිලා හිනැහෙන්න...
මල් වැස්සක් වගේ
දැනි දැනී සනහන
ඔය පුංචි හිතේ
උණුසුමට ගුලි වෙන්න...
මැදියමේ තරු එක්ක
ඔය හිතේ ආදරේ
රෑ අහසේ ලියවන්න...
කාටවත් නොපෙනෙන්න..

Thursday, December 21, 2017

නුඹ

සෙමින් හමනා සුළඟට 
ඔහේ පාවෙන ලස්සන
සමන් මල් ඉත්තට
ලැබුණෙ කොහොමද
නුඹේ සිනහව..

විසල් දහවල් එළියට
නිලට දිලිසෙන ලස්සන
සොඳුරු නිකැළැල් අහසට
ලැබුණෙ කොහොමද
නුඹේ ඇස් දෙක...

Friday, December 8, 2017

අසනි වැස්සක් වැහැපුදෙන්...

ඇසට ඇස හමු
නොවෙන ලෝකෙක
හිතක් තනියම මැරුණදෙන්...

අහස ගොරවන විදුලි කොටවන
අසනි වැස්සක් වැහැපුදෙන්...
නුඹේ ළඟ ඇති මගෙ හිතත්
අසනි වැස්සට හේදියන්...
සේදී සේදී වැහි දියට හිත
මරුන හිත පණ ඇදපුදෙන්....

Wednesday, December 6, 2017

වැඩිමල් ප්‍රේමය

මගදි නැවතෙන ගැටෙන
හරිම කලබල සැලෙන
හිතක් නැවතිලා
ටිකක් නුපුරුදු තැනක...


නොසිතාම දෙවරක්
ගැලවුණු හිතත් සතුටත්
අරගෙන දෑතකින්
යන්න ඔසවද්දි පයක්
කළා හිත තරවටුවක්
අරගෙන පය යලිත්
කන් දුන්නා හිතට පොඩ්ඩක්
ඒක වැඩිමල් හිතක්...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Monday, December 4, 2017

දකින්නැති කව්රුවත්

ලියන කාලයේ මං
පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්
ඉරගලත් පරව ගිය හවස්වල
ඇස් වලින් හිත් වලින්
ජීවිතේ සිරකරන්
සුසුම් උණුසුම් වෙන්න ඇති
නොදැක්කට කව්රුවත්
අහක යන උඩු සුළඟ
හිතට බර වැඩි නිසා
මං තාම තනියම අතරමං...

Sunday, December 3, 2017

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න 
උස් කඳු මුදුන් ඇත 
නොසෙල්වී අව් වැසිද 
ඉවසනා අපූරුව 
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන 
වෙනස්වන හැමදේම 
නොවෙනස්වු නියාවට...

Saturday, December 2, 2017

හඬගා කියමි මම

උන්මාද අහසට 
හඬගා කියමි මම 
නුඹ ඔහොම 
ලස්සන තාලෙට 
වෙන තරමටම ප්‍රේමණීය 
තනිවෙලා මගේ හිත 
ගොන්නක විඳවන 
සිතුවිලි මතක... 
ඉඳින් කියන් මට 
කෙතරම් අසාධාරණද 
නුඹ...?

Tuesday, September 19, 2017

එකම එක මොහොතකට

මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..

Saturday, July 8, 2017

විඳගන්න එනවා මං

මුමුණමින් හිතපුරා හෙමි හෙමින්..
නුඹ ලියූ ගී තනුව ඇසිල්ලෙන්..
දැනුනු නුඹෙ ආදරේ මේ තරම්..
විඳගන්න එනවා මං මොහොතකින්..

නොමැකෙනා මතකයෙන්..
ලියැවෙනා ගී පද වැලෙන්..
විඳිමි මං නුඹෙ ආදරේ..
මහමෙරක් තරමටම හද පෙතෙන්..

නුඹ ලියූ තනුව තුරුලට අරන්..
ගොතමි කතාවක් අපේ..
විඳගන්න මේ මිහිර හැමදාම..
ඉපදෙනා මතු භවයකත්..

Saturday, June 10, 2017

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...

වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..

රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...

Friday, June 2, 2017

ලියා ඇති සත්තමයි


බිදී විසුරුණු
තවත් රිදුමක
හීනි අගිස්සක
ලියා ඇති ආදරේ
සත්තමයි
ඇස් ගැටෙන ගැටෙන
හැම තැනක
නවතින එක නෙමෙයි
පපුව මැද රිදෙන එක
විතරක්ම වෙයි දවසක
කියලා ... 

Tuesday, May 30, 2017

ලියා ඇති විරහව බිඳක්..

අහස හඬවන වැස්සකත්..
පොළොව රත්කළ අව්වකත්..
අහිමි කළ පෙම් හදවතත්.. 
කියයි ලොව ඇති ඉරණමක්.. 

හදේ ඇවිලෙන මතකයත්.. 
යලි නොඑන තනි ප්‍රේමයත්.. 
චණ්ඩ ගංදිය රළකවත්.. 
නොමැති අමුතුම තාලයක්.. 

හදේ අයිනක කොනකවත්.. 
යලි උනන රළු පෙමකවත්.. 
ගතම සනහන සුළඟකත්.. 
ගලන බව පවසයි සිතක්... 

රැයට සසිලන සඳකවත්.. 
සැලෙන රුක්ගොමු පතකවත‍්.. 
රිදෙන පාවෙන පැතුමකත්.. 
ලියා ඇති විරහව බිඳක්..


Monday, May 29, 2017

ධනුවාගේ මිනි #16

නොහිතාම ඇවිත්
නතර වෙන...
නොදැනීම දැනී
තනි කරන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි ආදරය
දවන හද...

Saturday, May 27, 2017

ධනුවාගේ මිනි #15

වැහි බිඳුවලට
හෙමින් සේදෙන
වතුසුද්ද මලක්
වුනා නම්
මගෙ හිතත්...
සෝදනවා මම
නුඹෙ මතක
එකක් ගානෙම...

Thursday, May 25, 2017

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹව
හමුවෙන්න ඇති මෙහෙම
හිමි නැතත් නුඹව මට
කරගන්න මගෙ විතරක්ම
ලැබීමම වෙන්න ඇති
හමුවෙලා වෙන්වෙන්න
හිත කොනක කදුළු කැටි
වෙරදරයි සනසන්න
සැනසුමක් මොටද තව
බිම වැටුණු හදවතට.. 

Tuesday, May 23, 2017

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිව
ගුරුපාර තියනවා
වතුසුද්ද මල් යාය
තවම මල් මවනවා
නුඹ මගේ නොවන බව
හැම විටම දැනෙනවා
නෙතට කඳුලක් ගෙනෙන
රිදුම යලි උනනවා
මම තනිව ගුරුපාරෙ
කොනක තනි රකිනවා
වෙන හිතක් නොලබන්න
නුඹෙ පැතුම දැනෙනවා
පැතූ නුඹ දුර ගිහින්
මම තවම තැවෙනවා


Sunday, May 21, 2017

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්
අපි අපේ නොවන බව...
පෙම් බැඳුනු හිනාව
තාමත් නුඹෙයි
හිත මුමුණනවා අදටත්...
නැගිටපන් නින්දෙන්
බිඳුනු හද කෙලවරේ
එක් තැනක හෙමින්
කොඳුරයි ඕනවට එපාවට...
හීනයක් නම් මෙලහකට
අවදි කරවලා මම නුඹව...


Saturday, May 20, 2017

නුඹ දවාගිය...

වෙලාවට වැහි අඳුර ගලන 
තුරුල් වෙලා ඉස්සර 
හිටි ඒ ඇසිල්ල
වුනා මට කල්පයක්
හතිවැටිලා අතරමංවෙන්න
නුඹේ හිත ගාවම...
තාමත් නුඹෙ සුවඳ
හැම මොහොතකම
හිත පුරා ගලනබව
දන්නවද... නුඹ දන්නෙවත්
නැතිව ඇති මේ හිත
මහ හුඟක් පෙම් බඳින බව
නුඹ දවාගිය අඳුරු කුටියක
තනිව හිඳ...

Thursday, May 18, 2017

අහලකටවත් නොඑන්නම...

හිත නැවතිලා
කම්මැලිකම ගාවම
කොඳුරන්නෙ
මේක නේද නිදහස...
රිදෙන්නෙ නෑ නේද
කලින් වගේ...
හිතට බර වැඩි
පාළු කාරණා
දැන් හිත
අහලකටවත්
නොඑන්නම
අගුළු දැම්මා

මං සදහටම..


Friday, April 21, 2017

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්
ඇවිත් රැගෙන ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
අරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..