Blogger Tricks Blogger Tricks

Sunday, January 29, 2017

ධනුවාගේ මිනි #3


අප නිතර හැමදින
සවස මුණගැහුණු තැන
මල් පිපී නැත
මඳ සුළඟ නැත
මතක පමණක්
ඉතිරි වී ඇත..

ගම්මානේ - 3



කදමලු එහෙම අරගෙන ලොකු අම්මාට
පසුදින උදෑසන කඩමණ්ඩිය ලඟට
සේපාලිකා ආවා ටවුමට යන්ට
ටවුමෙන් ගන්නවා බස් එක දුම්බරට

නගා උදේ යන බව මට කිව් හින්දා
ආවා බලන්නට නුඹ දුර යන හින්දා
ප්‍රවෙසමට යන්නට ඕනා හින්දා
එන්නද මමත් ටවුමට යනකන් කැන්දා

සිරිල් අයියා තකහනියක් මේ උදයේ
ආවේ අපරාදෙ මේ කලබලයේ
යන්නට බැරිද මේ ටික දුර මට තනියේ
කලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේ

තාමත් මුරණ්ඩුව අඩු නැහැ නේද
හරි ආඩම්බරයි ඉස්සර වාගේම
මට ආදරේ හිතුනේ මේවට නේද
නොකියා කියන බහ රසයකි පෙරසේම

අයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේ
මම නැහැ තවම බහ දීලා දීගේ
තව දුර හිතන්නට තියනවා වාගේ
අයියා හොඳින් ඉන්නකෝ මේ ගම්මානේ

නගාගෙ කැමැත්තට මම ඉඩ දෙනවා
ඉල්ලපු දෑ අවුරුද්ද තව මම ඉවසනවා
එතකන් බහ දෙනකන් ලත වෙනවා
තේ වත්තේ වැඩත් ළඟ ළඟටම එනවා

එහෙනම් අයියේ මම බසයට යනවා
තව තව හොඳින් වැඩ කටයුතු කරවා
අයියා දස්සයනේ ඕවට හරි කරලා
අම්මට කියනවද මම යනවා කියලා

දුර සිට බලන් සිටි අපෙ සුදු බණ්ඩාර
ඉන්නවා දුක්බරව  දැක්කේ අන්තිමට
එක වචනයක් දුර යනු පෙර පවසන්ට
පුළුවන් කමක් ලැබුනේ නෑ හරි ආකාර

ලඟට එන්න බැරිමුත් අයියේ නුඹට
දනිමි නුඹේ සෙනෙහෙස ඇති මගෙ නමට
පොඩි සන්දියේ ඉඳන් අපි ආගිය ගිං වැවට
යන්නට හිතයි නුඹ එක්කල හවසකට

මතකයි අපි දෙන්න ඉස්සර වැව ඉවුරේ
සෙල්ලම් කළා එනකං ගොම්මන් අඳුරේ
සිරිල් දුරින් බලලා අපේ සෙල්ලම රහසේ
යනවා අම්මා එක්කල නොදුටුවා සේ

කියන්න වදන් තිබ්බත් හිත පිරෙන්නට
ඉඩ නැහැ අයියණ්ඩි නුඹ ළඟ මට තව ඉන්ට
හිටියොත් ගමේ තව මම සති කීපෙකට
කරනවා සිරිල් කරකාරේ  හරි ජයට

එහෙනම් අයියේ මම දුර යනවා යන්ට
එනවද මා බලන්නට නුඹ දුම්බරට
අරගෙන මම ආස පැණි වලලුත් බරට
මම මග බලමි එනකන් නුඹ දකින්නට

ලොකු නිහැඬියාවකින් පස්සේ ගම්මානේ ආයේ ලියන්න හිතුනා. කලින් කොටස් මෙතනින් බලන්න පුළුවන්.

ගම්මානේ
ගම්මානේ - 2

ධනුවාගේ මිනි #2

ගල්මුල් නැති ජීවිතය
ඔහෙ ගලන
කඩිත්තකි මඩ
තැනක පල් වෙන
වරෙක පිරවෙන
ජීවයක් දෙන
ගහක මලකට
සවිය වෙන් නැති

Saturday, January 28, 2017

නමක් සොයමි තවම

අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Tuesday, January 24, 2017

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක

Friday, January 20, 2017

හදවතකි; හිස්තැනකි.


රිදෙනවා තාමත්
නුඹටම වෙන්වුනු
සියුම් තැන්
හද මඬල පුරාවට
මතක් වී පෙරදිනේ
අප එකට හිටි හැටි
පුදුමයි නුඹට
ඉන්න පුළුවන්කම
නොදැනෙනා සේ
පෙර මතක දිනපොත...
හිත පිරෙන්නම
නුඹ පමණක්ම
පැතූ මම අද
තැවෙමි ඇයි නුඹට මම
කලේ මෙතරම් ආදරය,
නුඹ කලේ ආදරය
ලඟ ඉන්න මොහොතට
දැනෙන ඒ හැඟීමට
පමණක්ම නම්
කාලයක් පුරාවට



පින්තුරය අන්තර්ජාලයෙනි.

Wednesday, January 11, 2017

නොපෙනේවි තව නුඹට

තරු පිරුණ අහස් ගැබ
දිදුල දෙන බැව් රැයට
නොපෙනේවි තව නුඹට
අහස්කුස ඉම කොනට
සිව්දිගට නාද දෙන
මැදියමේ රැහැයි හඬ
වද කරයි මගෙ සිතට
කවි කරනු හද ගැස්ම
විසි නොකර ගං දියට

Sunday, January 8, 2017

ජීවිතය නුඹ;



හුස්මක් වැටෙන හැම
මොහොතකම ගෙවෙන 
හිතන දේ නොමවෙන 
නොහිතන දේම සිදුවන 
අරැම පුදුම දෙයකි; 
ජීවිතය නුඹ; 

ගෙවුණු සිව්මසට 
ඉගෙන ගත්තෙමි 
විඳින්නට හොඳින් 
විඳවන්නට මෙන්ම 
මේ අරැමැති 
ජීවිතය නුඹ; 

කොතරම් සරදම් කළද 
දනිමි මම වැටෙන බවද 
නමුදු දනිමි මා 
වඩා හොඳින්ම 
නැගිටිය හැකි බැව්ද 
ජීවිතය නුඹ;

Saturday, July 25, 2015

ඔබේ පායුග දන නමන්නට... අපි ලැබූ පින් අපිට අද හිමි නෑ

එදා මෙදා තුර මුළු මහත් ලංකාවක්ම හැඬවූ, ජාති ආගම් කුල මල නොතකා ලංකාවම දුක් වුණු, මාගේ මතකයේ ඇති එකම දිනය අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වූ දිනයයි. නන් දෙසින් පැමිණි ජන ගංගා මංමාවත් අතුරු සිදුරු නැතිව පිරවූයේ ශ්‍රී ලංකාද්වීපයේ පිනට පහල වූ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව දරාගත නොහැකි දුකක්ද හිත් තුල දරාගෙනය.



මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට කඳුලක් නැගෙන වාර අනන්තයි. උන්වහන්සේ රට, ජාතිය වෙනුවෙන් කල කැප කිරීම් වචනයෙන් විස්තර නොහැකි තරම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකි.

උන් වහන්සේගේ දේශනා අහද්දී හිතෙනවා උන් වහන්සේ අනාගතය දැක්කද කියලත්. ඒ තරමට උන් වහන්සේගේ දේශනා කාලෝචිතයි.

නමුත් උන්වහන්සේ අපවත් කරවන්නට අනයාගමිකයින් ගත් උත්සාහයන් සඵල කරමින් උන් වහන්සේ අප අතරින් සමුගත්තේ යන්නට තව බොහෝ දුරක් තියෙද්දියි. අවසානයට පෙර උන් වහන්සේ අප තරින් වෙන් උනත් අපේ හිත් වල උන්වහන්සේ සදාකාලිකයි. මේ තියෙන්නේ උන්වහන්සේ අපවත් කරවීමට පැහැදිලි සාක්ෂි.






































ඔබ වහන්සේගේ නික්මයාම මුළු මහත් බෞද්ධ ජනීජනයාට සිදු වූ කිසිදා පිරවිය නොහැකි පාඩුවක්. එය කවරෙකු කෙසේ කීවද සදාතනික සත්‍යයකි.

නමදින්නට ඔබේ පායුග 
නොලැබුනද කිසි දින 
ඔබ වහන්සේ කල කීදැ 
සියසින් දුටිමි හාමුදුරුවනේ 
ඔබ වහන්සේ දෙසු බණ 
දෙසවන වැකුණි නිතරම 
පින් මදි නිසා අපට 
නුඹ වහන්සේ නොකියාම 
යන්න ගිය දින 
දැනුනු වේදනා කඳුලැලි 
මකන්නට නැවත 
බුදු පුතෙකු වී යලි වඩිනු මැන 
බුදුන් වැඩි දේශය 
මියැදෙන යුගයක 
අපි අසරණ වෙලා වගේ 
හිතට දැනෙනවා හාමුදුරුවනේ ...



Thursday, July 9, 2015

ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය



මවා පෑවොතින් එය උගේ ගොන් කමය 
කැපුවා නම් ඉතින් එය අනිකගේ ඉනිමගය 
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය 
පොෂ් නැති අපි අදත් පෙර පොඩි තැන් වලය