සිතුනා බලන්නට නුඹේ වත පියකාර
නොබලම ගියා නුඹ ආඩම්බරකාර
කරගන්නට සිතුනි නුඹ මගේ කරකාර
මට නැත වස්තු දේපල වගෙ හැමදේම
කරනෙමි ආදරය සැමදා හැම ලෙසම
එයවේ මෙමා සතු වන මුළු සේසතම
හැකිය රැක ගන්න නුඹ මගේ පණ සේම
හමුවිය නැවත දින හතකින් වාගේ
කැමති නුඹව කරගන්නට මාගේ
සිටියෙමි බොහෝ කල් මේ වාගේ
ඒ ගැන මොකද අදහස මගෙ නංගාගේ
මම නුඹ දනිමි අයියණ්ඩිය පෙර සිටම
නරකක් නැහැය පවසන්නට එහෙම
මහන්සි නැද්ද වැඩ කරලා එහෙම
මට බැහැ නුඹව රිද්දන්නට මෙහෙම
කියන්න බැරි දෙයක් හෙම තියනවද
මගේ අඩුපාඩු මොනවද කියනවද
නුඹ වෙනකෙක්ට බහ දීලා තියනවද
දැනගන්නට ඕන නංගියේ කියනවද
අසන විටදී කෑගසමින් මෙහෙට
එනවා දුටිමි කිසිවෙක් අප දෙසට
මේ මගේ පන්තියේ මා ළඟ එකට
සිරිල් නොවේද පැනලා ගිය රටට
කොහොමද ඉතින් ආවේ කවදාද ගමට
කියන්න හැදුවා මා එය සතුටින් ඔහුට
සිටියා සිරිල් එනතුරු මා ළඟට
තරහින් සිටින බව මා දැක්කේ එවිට
මොකටද මෙහෙම කෑගහමින් ඉන්නේ
අපි නැහැ හේතුවක් ඕවට දන්නේ
නැවතිලා හෙමින් එය කියලා ඉන්නේ
පසුවට බලමු මොන පියවර අරගන්නේ
ඇයි උඹ මෙතන කද දාගෙන ඉන්නේ
නඟාට හවස් වෙන ඇයි නොදැනෙන්නේ
ලජ්ජා නැතිද මේ විදියට කියවන්නේ
මම එන මහේ කරකාරෙට ගන්නවනේ
කොටස් කීපයක් ලෙස පලකිරීමට අදහස් කරමි.
මතු සම්බන්ධයි...






.jpg)
.jpg)

.jpg)