ගල්මුල් නැති ජීවිතය
ඔහෙ ගලන
කඩිත්තකි මඩ
තැනක පල් වෙන
වරෙක පිරවෙන
ජීවයක් දෙන
ගහක මලකට
සවිය වෙන් නැති
Sunday, January 29, 2017
ධනුවාගේ මිනි #2
Saturday, January 28, 2017
නමක් සොයමි තවම
අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Tuesday, January 24, 2017
ධනුවාගේ මිනි #1
ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක
Friday, January 20, 2017
හදවතකි; හිස්තැනකි.
රිදෙනවා තාමත්
නුඹටම වෙන්වුනු
සියුම් තැන්
හද මඬල පුරාවට
මතක් වී පෙරදිනේ
අප එකට හිටි හැටි
පුදුමයි නුඹට
ඉන්න පුළුවන්කම
නොදැනෙනා සේ
පෙර මතක දිනපොත...
හිත පිරෙන්නම
නුඹ පමණක්ම
පැතූ මම අද
තැවෙමි ඇයි නුඹට මම
කලේ මෙතරම් ආදරය,
නුඹ කලේ ආදරය
ලඟ ඉන්න මොහොතට
දැනෙන ඒ හැඟීමට
පමණක්ම නම්
කාලයක් පුරාවට
පින්තුරය අන්තර්ජාලයෙනි.
Wednesday, January 11, 2017
නොපෙනේවි තව නුඹට
තරු පිරුණ අහස් ගැබ
දිදුල දෙන බැව් රැයට
නොපෙනේවි තව නුඹට
අහස්කුස ඉම කොනට
සිව්දිගට නාද දෙන
මැදියමේ රැහැයි හඬ
වද කරයි මගෙ සිතට
කවි කරනු හද ගැස්ම
විසි නොකර ගං දියට
Sunday, January 8, 2017
ජීවිතය නුඹ;
හුස්මක් වැටෙන හැම
මොහොතකම ගෙවෙන
හිතන දේ නොමවෙන
නොහිතන දේම සිදුවන
අරැම පුදුම දෙයකි;
ජීවිතය නුඹ;
ගෙවුණු සිව්මසට
ඉගෙන ගත්තෙමි
විඳින්නට හොඳින්
විඳවන්නට මෙන්ම
මේ අරැමැති
ජීවිතය නුඹ;
කොතරම් සරදම් කළද
දනිමි මම වැටෙන බවද
නමුදු දනිමි මා
වඩා හොඳින්ම
නැගිටිය හැකි බැව්ද
ජීවිතය නුඹ;
Saturday, July 25, 2015
ඔබේ පායුග දන නමන්නට... අපි ලැබූ පින් අපිට අද හිමි නෑ
එදා මෙදා තුර මුළු මහත් ලංකාවක්ම හැඬවූ, ජාති ආගම් කුල මල නොතකා ලංකාවම දුක් වුණු, මාගේ මතකයේ ඇති එකම දිනය අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වූ දිනයයි. නන් දෙසින් පැමිණි ජන ගංගා මංමාවත් අතුරු සිදුරු නැතිව පිරවූයේ ශ්‍රී ලංකාද්වීපයේ පිනට පහල වූ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව දරාගත නොහැකි දුකක්ද හිත් තුල දරාගෙනය.
මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට කඳුලක් නැගෙන වාර අනන්තයි. උන්වහන්සේ රට, ජාතිය වෙනුවෙන් කල කැප කිරීම් වචනයෙන් විස්තර නොහැකි තරම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකි.
උන් වහන්සේගේ දේශනා අහද්දී හිතෙනවා උන් වහන්සේ අනාගතය දැක්කද කියලත්. ඒ තරමට උන් වහන්සේගේ දේශනා කාලෝචිතයි.
නමුත් උන්වහන්සේ අපවත් කරවන්නට අනයාගමිකයින් ගත් උත්සාහයන් සඵල කරමින් උන් වහන්සේ අප අතරින් සමුගත්තේ යන්නට තව බොහෝ දුරක් තියෙද්දියි. අවසානයට පෙර උන් වහන්සේ අප තරින් වෙන් උනත් අපේ හිත් වල උන්වහන්සේ සදාකාලිකයි. මේ තියෙන්නේ උන්වහන්සේ අපවත් කරවීමට පැහැදිලි සාක්ෂි.
මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට කඳුලක් නැගෙන වාර අනන්තයි. උන්වහන්සේ රට, ජාතිය වෙනුවෙන් කල කැප කිරීම් වචනයෙන් විස්තර නොහැකි තරම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකි.
උන් වහන්සේගේ දේශනා අහද්දී හිතෙනවා උන් වහන්සේ අනාගතය දැක්කද කියලත්. ඒ තරමට උන් වහන්සේගේ දේශනා කාලෝචිතයි.
නමුත් උන්වහන්සේ අපවත් කරවන්නට අනයාගමිකයින් ගත් උත්සාහයන් සඵල කරමින් උන් වහන්සේ අප අතරින් සමුගත්තේ යන්නට තව බොහෝ දුරක් තියෙද්දියි. අවසානයට පෙර උන් වහන්සේ අප තරින් වෙන් උනත් අපේ හිත් වල උන්වහන්සේ සදාකාලිකයි. මේ තියෙන්නේ උන්වහන්සේ අපවත් කරවීමට පැහැදිලි සාක්ෂි.
ඔබ වහන්සේගේ නික්මයාම මුළු මහත් බෞද්ධ ජනීජනයාට සිදු වූ කිසිදා පිරවිය නොහැකි පාඩුවක්. එය කවරෙකු කෙසේ කීවද සදාතනික සත්‍යයකි.
නමදින්නට ඔබේ පායුග
නොලැබුනද කිසි දින
ඔබ වහන්සේ කල කීදැ
සියසින් දුටිමි හාමුදුරුවනේ
ඔබ වහන්සේ දෙසු බණ
දෙසවන වැකුණි නිතරම
පින් මදි නිසා අපට
නුඹ වහන්සේ නොකියාම
යන්න ගිය දින
දැනුනු වේදනා කඳුලැලි
මකන්නට නැවත
බුදු පුතෙකු වී යලි වඩිනු මැන
බුදුන් වැඩි දේශය
මියැදෙන යුගයක
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා හාමුදුරුවනේ ...
Labels:
අදහස්,
වෙනස්වීම්,
ශ්‍රී ලංකා,
සමුගැනීම,
හිතෙන දේවල්
Thursday, July 9, 2015
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය
මවා පෑවොතින් එය උගේ ගොන් කමය
කැපුවා නම් ඉතින් එය අනිකගේ ඉනිමගය
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය
පොෂ් නැති අපි අදත් පෙර පොඩි තැන් වලය
Friday, June 26, 2015
හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු
ලෝක ගෝලේ රවුමට පේනවද
ලොකු ලොකු රටවලුත් හරියට පේනවද
නොපෙනෙන තිත් වගේ ඒවත් තියනවද
ලංකාවත් තිතක් ඒකත් පේනවද
රටේ නායකයෝ මරණෙට බිලිවෙච්ච
මිනිස්සු පොදි ගණන් මරණෙට යට වෙච්ච
වාහන තැනිත් තැන ගිනි ඇවිලිච්ච
රටක් තිබුණාය තිතකට නම් වෙච්ච
පිට රටකින් කෙනෙක් එන්නේ නැත මෙහෙට
ඉන්න උනුත් ඉන්නේ පණ ගැහි ගැහි හොඳට
බසයක යන්නේ බල බල වටපිට හොඳට
කන් දීගෙන හොඳින් එන පුපුරන හඬට
හමුදාවල කොල්ලෝ සත්තුන් වගේ මරුන
නායකයොත් ඒවා වෙනකන් උන්න
පාවල දෙන්න ගිවිසුම් එහෙමත් ගැහුන
කාලයකුත් තිබුනා ඒ රටටම ඔන්න
කලකට පසුව නව මුහුණක් එක් වෙච්චි
රට කරවන විදිය හොඳ හැටි දැන ගච්චි
සැලසුම් එක්ක දිගු ගමනක් ඇති වෙච්චි
නැවතත් ප්‍රති පහරකට සියල්ල හැර වෙච්චි
හමුදාවේ කොල්ලෝ තව කඩිසර වෙන්න
පිට පිට පිටරටින් එන ඊතල වට්ටන්න
බය හැක නැතුව රට ගැන කට උස්සන්න
කොන්දක් ඇති එකෙක් රට කරවයි ඔන්න
රට හැමතැනම මුර පොළවල් ඉදි වෙන්න
ආරක්ෂාව තර කර මුළු බල වෙන්න
රටේ ජනතාවගේ බිය සක දුරු වෙන්න
හමුදාවේ කොල්ලන්ට පින් සිදු වෙන්න
නාවික හමුදාව වතුරෙන් වැඩ පෙන්නු
ගුවන් හමුදාව ගුවනේ රඟ පෙන්නු
පාබල හමුදාව වැඩි බරකට දුන්නු
සටනක ඇරඹුමට රටක්ම දිවි දුන්නු
උතුරයි නැගෙනහිර බේරාගන්න
මේ පැතිවල අයගේ දිවි බේරන්න
මරාගෙන මැරෙන උන් අල්ලාගන්න
විශේෂ පුහුණු ඇති සෙබළුන් බිහිවෙන්න
කොමාන්ඩෝ සෙබළු දිවි පුද කරපු
සටනේදී නොයෙක් දුක් කරදර විඳපු
අතපය නැතුව සිය නිවසට යවපු
සෙබළුන් අදත් සිටිනවා මේ රට දිනපු
හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු
සේවය බබලවන හමුදාවක් හදපු
හමුදා නායකයෝ මහ දිගු දුර දැකපු
සටනේ අවසනට මග පෙන්වා දීපු
වතුර පොදත් නැති කෙරුවේ LTTE උන්ය
පොඩි දරුවන් ගැහැණු සටනට දැම්මෙත් උන්ය
අවසන මාවිල්ආරුවත් ජය ලැබුවේ අපිය
වතුර පොදත් ඇති කෙරුවේ අපෙ උන්ය
පරන්තන් වලට දැන් මහ යුද ඇවිලිච්චි
මිනීමරු කොටින් පොදි ගණනින් වැනසෙච්චි
හමුදාවේ කොල්ලෝ තව තව බල වෙච්චි
යුද දිනුමකට පොඩි පැතුමක් ඇති වෙච්චි
මානුෂීය මෙහෙයුම තව බල ගැන්වී
ඉදිරියටම යද්දී තව තව සවිමත්වී
සමහර උන්ට හරි හරියට දුක ඇතිවී
හමුදාවේ උන්ව ගොන්නුන් ගානට දාවී
කිලිනොච්චිය කියා මැදවච්චියේ යන්න
තොප්පිගල කැලේ බල තහවුරු කරගන්න
රට පාවාදුන්නු අවජාතක උන්ව දිනවන්න
උඩ පැන පැන නටපු එවුනුත් අද මෙන්න
සාම ගිවිසුමෙන් රට කොටියට දීලා
අපේ කොල්ලෝ බලු වෙනවා බලලා
සතුටින් හිටිය ඒ ගොන් හොරිකඩලා
අදත් කරන්නේ ඒකම නොපිරිහෙලා
කොටින්ට කඩේ ගිය ඒ ගොන් හොරිකඩලා
විරු සැමරුමත් රට දිනුමත් සියල්ල නැති කරලා
රටේ ජනතාවගේ ඇස් වලටත් වැලි ගහලා
යුද පරීක්ෂණ කරන්න සැලසුම් ගහලා
සටනේ වැඩි බරට කරදුන් විශේෂ බලකායන්
නීරෝ වගේ රට වෙනුවෙන් දිවිදුන් උන්
රටටම සම්පතක් ඒ කල මහ දස්කන්
ආඩම්බරයි උඹලා ගැන හැම මොහොතින්
Friday, May 8, 2015
ආතුර වුවන් අතර අනාතුරයකුව
නැත අහසේ දකින්නට
එලිය දෙන විට එකට
එයයි දිදුලන රහස
අහසක...
දුකක් නැත
මන්ද
හිතවත්කම්, සිනාවන්
හදවතින්ම නිසා,
නොකර
වෛරයෙන් ...
නුඹේ ඔය හිතවත්කම
අළු වලින් වැසුණු
ගිනි පෙනෙල්ලක
දැවටුණු,
දැවටුණු,
වෛරයක් බව
දැනෙන්නට
ගතවුනේ
නිමේෂයකි ...
මිනිසුන් නොමිනිසුන්
අතර
අතර
හඳුනමි ආදරය
පෙරටත් වඩා
පෙරටත් වඩා
හොඳින් දැන්...
තුති පුදමි
දුන් හැම දෙයට
මන්ද
වෛර නොකරන නිසා
මිනිසුන්ට ...
සතුට මට,
ආතුර වුවන්
අතර
අනාතුරයකුව
සිටීමය ...
Subscribe to:
Posts (Atom)












































