Blogger Tricks Blogger Tricks

Monday, May 5, 2014

අපූරු මිනිසෙක් ගැන සටහන් තබමි

මාගේ මතකයේ හැටියට ඒ 2002 වසරයි.පළමුවරට ක්‍රිකට් තරගයක් නැරඹීමට මට හැකිවිය.අයියලා කවුරුත් නැති නිසාත් තාත්තා ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නැති නිසාත් කුඩා කල මාහට අපේ භාෂාවෙන් කියන අයුරින් මැච් එකක් බලන්න චාන්ස් එකක් සෙට් වුනේම නැත.නමුත් ලද අවස්ථාවෙන් හිතේ හැටියට බලන්න පටන් ගතිමි.මැච් නොබලුවද ඒ දවස්වල සිට අද දක්වා තිබෙන මැච් පිස්සුව නිසා ක්‍රීඩකයන්ගේ නම් සියල්ලක්ම පාහේ දැනගෙන සිටියෙමි.මේ අතුරින් කිහිප දෙනෙක් මා ප්‍රියකළ අය අතර විය.මුළු තරගය පුරාවටම මා එක් විශේෂ පුද්ගලයෙක් දුටුවෙමි.ලද මොහොතින් ඒ ගැන සටහනක් මෙලෙස තබමි.




ඔහු සෙමෙන් එක් අන්තයකින් දිව එද්දී සියලු දෙනාම ඔල්වරසන් දීමෙහි අඩුවක් නම් කරන්නේ නැත.ඔහුගේ පන්දුවට මුහුණ දෙන්නේද දෙවරක් තුන්වරක් සිතා බව නම් පැහැදිලි කරුණක් විය.ඔහු පන්දු රැකීමද මනාව කළේය.ඔහුගේ ක්‍රීඩා දිවියේ කල වික්‍රමයන් ගැන සටහන් නොතබමි.නමුත් ඔහු ගැන ලිවිය යුතුමය.ඔහු නමින් මුත්තයියා මුරලිදරන් ය.නම කිවූ සැනින් මතකය එන අපූරු මිනිසෙකි.ආදරයට කිවේ මුරලි කියාය.තරග කරන්නට කෑදර වීමක් මා කිසි දිනෙක දැක නැත.සිනා මුසු මුහුණින් නිරතුරුව සිටි ඔහුට බාධා විශාල ප්‍රමාණයක් එල්ල විය.ඒ ඔහුගේ විශේෂ හැකියාව නිසාමය.ඔහුට තරග වලින් ඉවත් වී සිටීමටද සිදු විය.පරීක්ෂණ ගණනාවක්ම පැවැත්විණි.ඔහු කෑගසන්නට ගියේ නැත.ඉල්ලීම් දිනාගැනීමට උපවාස කලේද නැත.ඔහු වැඩේ කරලා පෙන්වන ජාතියේ අයෙකි.ඔහු මෙවරද එසේ කළේය.ක්‍රිකට් වල උරුමක්කාරයන් යැයි කියාගන්නා අයවලුන් පරදා අවසානයේ ඔහු ජය ගත්තේය.කොටින්ම කිවතොත් මුළු ක්‍රිකට් ලෝකයම ඔහුට නොපෙන්වන බියක් දැක්වූ බව නම් ඉඳුරාම පැවසිය හැකිය.ඔහු දමිළ ජාතිකයෙකි.එවකට ලංකාවේ LTTE ත්‍රස්තවාදය පැවති කාලයයි.නමුත් සිංහලයන් ඔහු සමග බැඳුනේ ඔහුගේ ගතිගුණ හා හැකියාවන් නිසාවෙනි.

අවසානයේ ක්‍රිකට්‌ ලොව සියලු දෙනා ඔහුව පිළිගත්හ.ඔහු ටෙස්ට් කඩුලු 800 සීමාවද පසු කළේය.නමුත් ඔහු ක්‍රීඩා කලේ නම්බු නාම ගන්නට නොවේ.වාර්තා තමා සතු කරගන්නටද නොවේ.අවසානය ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කලේ පෙර දැනුම්දීමක්ද සහිතවය.ඔහුට කඩුලු ගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නම් ඔහු කරන්නේ කඩුලු 800 ලබාගත් පසුව ටෙස්ට් තරග වලින් ඉවත් වීමයි.අවසාන තරගය පෙර ඔහු සතුවුයේ කඩුලු 792 කි.ඔහු පැවසුවේ තමාට එය ලැබිය යුතු නම් ලැබෙන බවය.මාගේ විශ්වාසයද එයම වේ.ඔහු මා සිත් ගැනීමට එයද හේතුවකි.වසර 30ක යුද්ධය නිමාවූ පසු මුරලිට විදේශීය නාලිකාවක වැඩසටහනකට ආරාධනා ලැබිණි.නම් ගම් සහිතව විවේචනය මා එතරම් කැමැත්තක් දක්වන දෙයක් නොවේ.එබැවින් ඒ ගැන නොලියමි.මේ වැඩසටහන තුලදී ඔහු ලවා වැරදි ප්‍රකාශයන් ලබාගන්නට නිවේදකයා මහත් වැයමක් ගත්තේය.මුරලි පැවසුවේ අදහස් කීපයකි.ඔහු දමිළ බවත්, යුධ සමයේ 1977 දී ඔහුගේ නිවසද විනාශ වූ බවත් ඔහු මතක් කර දුන්නේය.අවාසනයේදී නිවේදකයාට පැවසුවේ "what jesus said, forgot and forgive and go" කියාය.මුරලි සැබවින්ම ශ්‍රී ලාංකිකයෙකි.ඔහු ජාතිය පාවා දුන්නේ නැත.රට පාවා දුන්නේ නැත.මහත්මයන්ගේ ක්‍රීඩාව මහත්මයෙකු ලෙස කල ඔහු සැබවින්ම විශිෂ්ට චරිතයකි.





ඔහුගේ උපන් දිනය පසුගිය අප්‍රියෙල් 17 වෙනිදාවට යෙදී තිබුණි.මේ සටහන ඒ වෙනුවෙනි.


පින්තුරය අන්තර්ජාලයෙනි.

20 comments:

  1. මුරලි අන්තිම තරඟෙට එද්දි,
    විකට් 792ක් අරගෙන තිබ්බේ...
    අන්තිම මැච් එකේදි විකට් 8ක් ගන්න ඕනේ උනා...
    මුරලි ඒ විකට් 8ම ගත්තා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ වැරද්දක් ඒක, මම ඒක හදන්නම්.බොහොම ස්තුතියි, මේ පැත්තට ඇවිත් අදහස් දැක්වුවට..

      Delete
  2. මුරලි අර චැනල් 4 එකත් එක්ක කිවුව කතාව ඇත්තටම ඔහුව තවත් වීරයෙක් කලා.. සිංහලයෝ වෙලත් අනුන්ට නැටවෙන අය ඉන්න රටක එහෙම කෙනෙක් ඉන්න එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ඒ වගේ මිනිස්සු හරි අඩුවෙන් හිටියේ.ඉස්සරහට ඊටත් වැඩිය අඩුවෙයි දිනේෂ්.

      Delete
  3. //යුධ සමයේ 1977 දී ඔහුගේ නිවසද විනාශ වූ බවත් //

    මේක නිවැරදි නැනේද

    ReplyDelete
    Replies
    1. ඔතන කියන්නේ 77 කෝලාහලය ගැන, මම හිතන්නේ ඒක මම පැහැදිලිව කියලා නැහැ.ගොඩක් ස්තුතියි වැරදි පෙන්වලා දෙනවට...

      Delete
  4. මුරලි දක්ෂයෙක්... සුභ උපන්දිනයක්... වේවා මුරලිට

    ReplyDelete
  5. ක්‍රිකට් වලට මගෙ එච්චර මනාපයක් නැති වුනේ 96න් පස්සෙ .. අරවින්දල රොමේෂ්ල අසංකල ගියාට පස්සෙ මේ මෑතක් වෙනකං මුරලිය ඇරෙන්න හොද එකෙක් දැක්කම නෑ...
    කෝමත් මුරලි කියන්නෙ නියම මහත්මයෙක් පහුගිය කාලෙ ඔහු කරපු කියපු දේ වලිං ඒකහොදට පේනව

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් නියමයි මහේෂ්, අපි වාසනාවන්තයි ඒ ක්‍රීඩකයෝ සෙල්ලම් කරපු කාලේ ක්‍රිකට් බලපු එක ගැන..

      Delete
  6. "හෙළයා වුනත් ජඩයෙකුනම් පහර දෙනූ
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ..."

    මගේ ජීවිතේ මං දැකපු අසිරිමත්ම මිනිසෙක් ඔහු.

    ReplyDelete
  7. වචනයෙන් පරිසාමාත්ථ අර්තයෙන්ම මොහු නම් අවූර්ව සොඳුරු මිණිසෙක්

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. ඔව් :)
      මේ පැත්තට ආවට ස්තුතියි,

      Delete
  8. ලෝකයට බිහිවූ අති දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස ඔහුට ගෞරව කරමි!!

    ReplyDelete
  9. මුරලි දක්ෂ ක්‍රීඩකයෙක් වගේම සෑහෙන දුරට මහත්මයෙක්. ඔහුට ඉක්මන්ට කේන්ති යන ගතිය තිබුනාට සැබෑ උනන්දුවකින් ක්‍රියා කරපු ලංකාවෙ කීර්ථිමත් පුර වැසියෙක්.

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....