Blogger Tricks Blogger Tricks

Monday, January 30, 2017

ධනුවාගේ මිනි #4

සීත මන්දාරමේ 
පිනි වැස්සෙදි 
තාම දැනෙනවා 
තුරුල් වී හිටිය හැටි 
දන්නවද?? 
ආදරෙයි තාමත් මං
වෙනස්වුණු නුඹට නෙමෙයි 
තුරුල් වුණු නුඹට...

11 comments:

  1. දිනක නුඹ මා සතුටු වූවා
    හදක සිසිලස තුරන් වූවා
    බිමක වැහිපොද පතිතවූවා
    මතක ඇතුළට නුඹත් ආවා.......

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. ලස්සනයි දුමී .. හැබැයි මතක ඇතුලට එන්නේ නැත්තන් තමයි මම නම් කැමති :)

      Delete
    2. ධනුවා,
      වෙනස්වුණු ඇය නොව තුරුල් වුණු ඇය මතක් වෙන බවයි හැඟවීමට උත්සාහ කෙරුවේ කවියෙන්.

      ජයවේවා!!!

      Delete
  2. අදමයි ආවේ මේ පැත්තේ
    නියමයි.. ජය!

    ඔබේ බ්ලොගයත් සිතුවිලි සිංහල බ්ලොග් සින්ඩියට ඇතුලත් කළේ නැත්නම් ඇතුලත් කරන්න මෙතනින්

    ReplyDelete
  3. වෙනස් වූ ඇයටත් ආදරය කරපන්

    ReplyDelete
    Replies
    1. වෛර කරන්නෙ නෑ කවදාවත්.. හැබැයි ආදරේ නම් කරන්නෙ නෑ

      Delete
  4. ඒක මරු මචං. කෙටි කවි කෝමත් රහයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ... දිග බලාපොරොත්තු නැති එකේ දිග කවි ලියවෙන්නෙත් නෑ වගේ දැන් :)

      Delete
  5. ආදරය පුද්ගලානුබද්ධ නොවී කරන්න බලමු..එතකොට විරහව වුනත් එච්චරම දැනෙන්නෙ නෑ

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....