Blogger Tricks Blogger Tricks

Saturday, January 28, 2017

නමක් සොයමි තවම

අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

2 comments:

  1. ලස්සනයි ධනුවෝ
    සොරි මචං ඉස්සර වගේ රිප්ලයි කවි ලියන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්... ඒ තරමටම වැඩ වැඩි වෙලාද ??

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....