Blogger Tricks Blogger Tricks

Thursday, May 15, 2014

සම්බුදු අසිරිය



සුදු නෙළුමක් සොඬින් ගත් ඒ මහිමයට 
ගජ සෙන් කුලේ සුදු ඇතුගේ ඇරයුමට 
පෙන්වා සිහින මහමායා දේවියට 
මහ බෝසතුන් වැඩියා අප පින් බිමට 

ලංවෙන විටදී සිය දරුවා ලැබෙන දින 
සිය මව් දකින්නට මහමායාව යන 
පෙරහැර ගියා පසුකර ලුම්බිණි උයන 
නියමිත උනා මහ බෝ උපදිනා තැන 

මුළු ලෝකයම සැනසුණු ඒ පින් මොහොතේ 
බෝසත් සිංහ නද ඇසුනා සතර අතේ 
බල විස්කම් දෙමින් පෙන්වා බලය සිතේ 
පිපුනා සත් නෙලුම් ලුම්බිණි උයන් පෙතේ 

බුදු බව පතා සිදුහත් කුමරුගෙ පෙරුම 
ඉටුවන දිනය වළකනවා යන සිතුම 
සුදොවුන් සිතට නිරතුරුවම ඇතිවීම 
පෙන්වයි රජුගෙ සිත පුතු හට තිබූ පෙම 

නොහැකිය වලකන්න ඒ පින්බර මොහොත 
ලොව සනසන්න කුමරුන් ලොව දිනනු ඇත
දෝතින් රැගත් ගුණ පින් බල මහිමයට  
වෙන සක්විති පදවි සිදුහත් හට කුමට 

දුටුවා පෙරනිමිති සතරක් එකිනෙහිම 
සිතුණා හැර යන්න රජගෙය එම දිනම 
පවසා චන්න හට කුමරුන් ඒ සිතුම 
යෙදුනා යන්න මැදුරෙන් පුන් පෝ දිනම 

නේරංජනා ගංතෙර නැවතී මොහොතක් 
පවසා සිතුම සැකෙවින් දක්වා අරුතක් 
ගලවා ආභරණ නොසිතා තව මොහොතක් 
කැපුවා කෙස් වැටිය දෝතින් ගෙන කඩුවක් 

සිතමින් ලබන්නට මහ බල බුදු පැතුම 
කෙරුවා සය වසක් සිරුරට දුක් දීම 
අවසන වැටෙද්දී බෝසත් සියොළඟම 
මරුවා පටන් ගති තුටු ජය පැන් බීම 

වීර්ය ගෙන බුදු සිතට කල ඒ පින් පැතුම 
බැහැ වලකන්න කිසිවිට මර සිතුමකට 
උපදා බලය මහ බෝසත් යලි සිතට 
පිරුවා පාරමී දම් බුදු වන අරමුණෙම 

මල් වැහි වැටුණි මුළු ලෝකය සනසන්න
හිරු කැන් දිලුනි පිවිතුරු බව දන්වන්න 
මහ රළ පෙලුණි බල මහිමය පෙන්වන්න 
බුදු පදවිය ලැබුණි සසරින් මුදවන්න  

පින්තුරය අන්තර්ජාලයෙනි.


20 comments:

  1. පින්බර වෙසක් දිනයක් වේවා!!!!!!!!

    ReplyDelete
  2. නියමයි කොල්ලෝ........ කවිටික ලස්සනයි. ඔබට සුභ වෙසගක් වේවා...!

    ReplyDelete
  3. Replies
    1. සත්‍ය සිදුවීම ගැන හොදට කියලා තියනවා, මාත් ගියා ඊයේ.කියලා වැඩක් නෑ.ඇස් දෙකෙන්ම දැකගත්තා මේ දේවල් ටික.ඒ ඔක්කොම අස්සේ මීහරක් පිඹිනවා වගේ කෑගහන නලා කාරයෝ... කනක් ඇහෙන්නේ නෑ....

      ඊටත් වඩා අත දරුවෝ අරන් පාරවල් වල යනවා වෙසක් බලන්න.ඒ පොඩි එවුන් නිදිමතේ වැටෙනවා.පව් කියලත් හිතෙනවා.පිටින් කොච්චර සුන්දර උනත් ඇතුලෙන් ගන්න දෙයක් නෑ..

      Delete
  4. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... බ්ලොග් එක හොදයි.දිගටම ලියන්න.

      Delete
  5. කවිය ඇතුලෙ තියෙන වෙසක් සමාජෙ ඇතුලෙ නැති එකනෙ බං වැඩේ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් මනෝෂ්, ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.

      Delete
  6. ලස්සන නිර්මාණයක්. ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් හැදුවා. ඒ පැත්තේත් ගොඩවෙලා යන්න එන්න.
    http://pakispettiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... සුබ පතනවා, බ්ලොග් එක දිගටම කරගෙන යන්න.

      Delete
  7. කවි ටික ලස්සනයි බං.

    ReplyDelete
  8. හැපි වෙසක්...
    වෙනද වගෙම කවිය නං පට්ට කොල්ලො..
    අපේ උ#පාසකම්මකෙනෙක්ට ඇහෙන්න කීව නං අනේ සාදු කියනව දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. :)
      ස්තුතියි මහේෂ්... වෙසක් බලන්න එහෙම ගියාද ??

      Delete
  9. Replies
    1. ස්තුතියි මේ පැත්තට ඇවිත් අදහසක් එකතු කරාට...

      Delete
  10. කවි විතරද බං ලියන්නේ

    ReplyDelete
    Replies
    1. කතා එහෙමත් ලියන්න අදහසක් තියනවා, මේ ටිකේ වෙලාව අඩුයි, ඉක්මනින්ම ලියන්න තමයි හිතන් ඉන්නේ...

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....