Blogger Tricks Blogger Tricks

Tuesday, March 28, 2017

ධනුවාගේ මිනි #10 - තාමත් .. පරිස්සමට

කාලයක් ගියත්
තාමත් මහ වැහි වැටෙද්දි
මට මතක් වෙන්නෙ
එදා නුඹව
තුරුල් කරගෙන
එක කුඩයක් යටින්
හෙමින් ඇවිදපු හැටි..
හීරුවට හිත ඒ මතක
තාමත් ..
පරිස්සමට තියාගන්නෙ
මම මටත් වඩා
පෙම් කලේ නුඹට හින්දයි..


7 comments:

  1. හ්ම්ම්... අපි හැමෝටම ඔය වගේ අත්දැකීමක්, නැතිවූ ප්‍රේමයක් තියෙනවා සුසුම් හෙල්ලන. ලස්සනයි කවිය. ජයවේවා... !!!

    ReplyDelete
  2. වැස්ස ප්‍රේමය එක්ක හුඟක් සමීප සිද්ධියක්...හුඟක් පෙම්වතුන් වැස්සෙ තෙමෙනවා. එක කුඩේ යටින් තුරුල්වෙලා යනවා.. මතක වැස්ස එක්ක අලුත් නොවුනොත් තමා ධනුවෝ පුදුම...මං මේ පැත්තට අලුත්. ලස්සනයි කවිය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ආවට.. වැස්සට හිත් හදන්න වගේම බිඳින්නත් පුළුවන් බව වැස්ස දන්නෙවත් නැතුව ඇති.

      Delete
  3. වැස්ස කියන්නෙ ආදරේ... ;)ලස්සනයි අයියෙ...

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....