ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ
හීතල නැතිදෝ මගේ අම්මේ
පාන්දරින් කිරි කපන්න යනකොට
මට ඇඩෙනවා මගේ සුදු අම්මේ...
පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ
හිත නුඹ ගැනමයි දිව යන්නේමම
ලොකු වීලා කාසි හොයනවා
එදාට දුක දෙන්නෑ අම්මේ...
පාසල ඇරිලා ගෙදර එන්නේ නෑ
ගස් කට්ටියටයි දිව යන්නේ
පොල්කටු වල කිරි අකුලනවා මම
බඩගින්නක් නෑ මට එන්නේ...
කිරි ගෑවුණු කළු ලස්සන රෙද්දට
තුරුළු කරන් මගේ සුදු අම්මේ
ගල උඩ ඉඳගෙන කතා කියනකොට
බත් කන්නට ආසයි අම්මේ....
ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ...
පන්තියේ අය මට ඔච්චම් කරන්නෙ
කිරි පැල්ලම් සුදු කමිසේ මගේ
තනියම අඬලා මම සැනසෙනවා
අම්මට කියන්න බෑනේ අනේ...
හැමදාමත් දෙයියෝ දුක දෙන්නෑ
කියන කතා සුදු අම්මා මගේ
හිතේ තියාගෙන පාසල් යන්නම්
පරමල් නෑ මගේ දෙවට දිගේ...
ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ...
මේ සින්දුව හිතට ගොඩක් දැනුණු සින්දුවක්.ඉතින් මුලින්ම ඒ ගැන ලියන්න හිතුවා.මේ සින්දුව කියන්නේ චාමර රණවක කියන ගායකයා.ටිකක් අමුතු ආරක ගීත ගායනා කරන ගායකයෙක්.දුප්පත් පවුලක පාසල් යන කුඩා දරුවෙක් හා අම්මා කෙනෙක් වටා ගෙතෙන මේ ගීතයේ සරල වචන වලට දරුවාගේ හිතේ අම්මට තියන ආදරේ මුසු කරලා සංකීර්ණ අරුතක් එක්කරන්නට සමත් වෙලා තියනවා.
දුප්පත්කම නිසාම මේ අම්මට ගොඩක් පාන්දරින් නැගිටින්න වෙලා තියනවා කිරි කපන්න යන්න.නමුත් මේ බව දන්න පුතත් හැමදාම ඒ වෙද්දී ඇහැරෙන්නේ අම්මට තියන ආදරේ වැඩි කමට.දරුවට තාත්තගේ අඩුව නොදැනෙන්න තරමට අම්මත් දරුවට ආදරේ කරනවා.තමන්ට මේ තරම් සිතල දැනෙද්දී අම්මා කොහොමද සිතල දරාගන්නේ කියලා ඒ පුංචි හිතට දැනෙන්න ඇති.ඒ ආදරේ කොච්චරද කියලා ගීතය පටන් ගන්න වෙලාවේදීම ඉස්මතු කරන්නේ "ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ....හීතල නැතිදෝ මගේ අම්මේ" කියන වදන් පෙලින්.ඒ වගේම මේ කුඩා දරුවට ඕන අම්මා මේ තමන් වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න.නමුත් අම්මා ගැන මේ දරුවට නිතරම මතක් වෙන නිසා නිතරම ඒ ගැන හිතුවත් "ලොකු වීලා කාසි හොයනව... එදාට දුක දෙන්නෑ අම්මේ... " කියන පදයෙන් අම්මා වෙනුවෙන් ඉගෙනගන්නවා කියන එක මේ පුංචි දරුවාගේ හිතට තදින්ම දැනුණු කාරනාවක් වෙලා තියනවා.

පාසල අරුණු හැටියෙම කිරි කට්ටියට යන නිසා මේ දරුවාගේ ඇදුම් වල කිරි කහට ගෑවෙනවා.සතියේ දවස් පහම එකම ඇදුම හෝදලා අඳින නිසා මේ ගෑවෙන පැල්ලම් නම් යන්නේ නැහැ.ටික ටික වැඩි වෙනවා විතරයි.මේ දේවල් නිසා පාසලේදී ලජ්ජා වුනත් මේ දරුවා මේ ගැන කිසිම දෙයක් අම්මට කියන්නේ නැත්තේ අම්මට තවත් බරක් දෙන්න බැරි නිසා.අම්මගේ හිතේ දරුවා ගැන තියන විස්වාසය මේ පුංචි දරුවා දන්නවා, දරුවටත් තමන් ගැන ඒ තරමටම විස්වාසයි.මේ නිසාම අම්මගේ බලාපොරොත්තුව ඉටු කරන්න තවත් හිතට ධෛර්ය අරන් පාසලට පිය මනින බව "හිතේ තියාගෙන පාසල් යන්නම් ... පරමල් නෑ මගේ දෙවට දිගේ... " රචකයාගේ හිතේ මැවෙන්නේ කියන පද පේලියෙන්.
තවත් ආදරණිය අම්මා කෙනෙක් කරන කැපකිරීමක් අකුරු කළ නිර්මාණයක් කිව්වොත් නිවැරදියි.අසරණකම උපතින් උරුම කරගත්තත් ඒ දේවල් වෙනස් කරන්න පුළුවන.මන්ද අතීතය වෙනස් කරන්නට නොහැකි වුවද වර්තමානය තුලින් අනාගතය වෙනස් කළ හැකි නිසාවෙනි...
සින්දුව මෙතනින් අරන් අහලා බලන්න.
සින්දුව මෙතනින් අරන් අහලා බලන්න.
ලස්සන ගීතයක්. හොඳ විචාරයක්. දන්නවනෙ ඉතින් ගීත විචාර වලට මං ආස තරම්...
ReplyDeleteමාත් එහෙමයි ඒකනේ සඳුමල් කියවන්නේ...
Delete