Blogger Tricks Blogger Tricks

Sunday, April 20, 2014

ගම්මානේ




ගම් මැද එදා නුඹ දුටුවම හැඩකාර 
සිතුනා බලන්නට නුඹේ වත පියකාර 
නොබලම ගියා නුඹ ආඩම්බරකාර 
කරගන්නට සිතුනි නුඹ මගේ කරකාර

මට නැත වස්තු දේපල වගෙ හැමදේම 
කරනෙමි ආදරය සැමදා හැම ලෙසම 
එයවේ මෙමා සතු වන මුළු සේසතම 
හැකිය රැක ගන්න නුඹ මගේ පණ සේම

හමුවිය නැවත දින හතකින් වාගේ 
කැමති නුඹව කරගන්නට මාගේ 
සිටියෙමි බොහෝ කල් මේ වාගේ 
ඒ ගැන මොකද අදහස මගෙ නංගාගේ

මම නුඹ දනිමි අයියණ්ඩිය පෙර සිටම 
නරකක් නැහැය පවසන්නට එහෙම
මහන්සි නැද්ද වැඩ කරලා එහෙම 
මට බැහැ නුඹව රිද්දන්නට මෙහෙම 

කියන්න බැරි දෙයක් හෙම තියනවද
මගේ අඩුපාඩු මොනවද කියනවද
නුඹ වෙනකෙක්ට බහ දීලා තියනවද  
දැනගන්නට ඕන නංගියේ කියනවද 

අසන විටදී කෑගසමින් මෙහෙට 
එනවා දුටිමි කිසිවෙක් අප දෙසට
මේ මගේ පන්තියේ මා ළඟ එකට
සිරිල් නොවේද පැනලා ගිය රටට 

කොහොමද ඉතින් ආවේ කවදාද ගමට 
කියන්න හැදුවා මා එය සතුටින් ඔහුට 
සිටියා සිරිල්  එනතුරු මා ළඟට 
තරහින් සිටින බව මා දැක්කේ එවිට 

මොකටද මෙහෙම කෑගහමින් ඉන්නේ 
අපි නැහැ හේතුවක් ඕවට දන්නේ 
නැවතිලා හෙමින් එය කියලා ඉන්නේ 
පසුවට බලමු මොන පියවර අරගන්නේ 

ඇයි උඹ මෙතන කද දාගෙන ඉන්නේ 
නඟාට හවස් වෙන ඇයි නොදැනෙන්නේ 
ලජ්ජා නැතිද මේ විදියට කියවන්නේ 
මම එන මහේ කරකාරෙට ගන්නවනේ 

කොටස් කීපයක් ලෙස පලකිරීමට අදහස් කරමි.
මතු සම්බන්ධයි...

18 comments:

  1. දිග කතාවක් කෙටියෙන් බොහොම අපූරුවට කවියට නගල...
    අපූරුයි අදහස...
    දිගටම ලියමු
    ජයවේවා

    මේ කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්න...
    අප්පිරියයි කමෙන්ට් කරන්න ගියාම

    ReplyDelete
    Replies
    1. සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලනවා, මම එක හදන්න දැනගෙන හිටියේ නැහැනේ.... දැන් තමයි දැනගත්තේ...
      ස්තුතියි අදහසට..... මේ වගේ අදහස් ලැබෙද්දී ලියන්න හිතෙනවනේ.... :)

      Delete
  2. කවි කතාවක්. බොහොම හොඳයි. දින 7 කියන තැන දින හත කරන්න. කවියක් නිසා 7 කැතයි. වෙරිෆිකේෂන් ලෝක ලෙඩක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ අඩුපාඩු දෙකම හැදුවා .... සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලනවා.

      Delete
  3. ලස්සනට ලියල තියනවා දිගටම ලියන්න සුබපතනවා

    ReplyDelete
  4. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
  5. කයි කථා..

    වහලේ සිදුරු අතරින් වැහිබිදු බේරේ
    ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ
    කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ
    මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ

    මට මතක් උනේ සාගර පලන්සූරියගෙ - පිටිසර සිරියාව කවි පන්තිය

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාලේ කියෙව්වා ඒක... මාරම ලස්සනයි... සරල වචන, සංකීර්ණ අදහස් ගලපන විදිය නම් අමුතු කලාවක්....

      Delete
  6. එහෙනම් ඔන්න අපිත් ගොඩ වැදුනා දිගටම ගොඩ වදින්න අවසර
    හරි අපුරුවට පද ගලපලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :)
      දිගටම එනවා නම් අපිටත් සතුටුයි...

      Delete
  7. කවි කතාවක්.. නියමයි.. මාත් ආස මේ වගේ කවි කතා වලට තමයි වැඩි හරියක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් ආසයි මේ වගේ කතා කියවන්න, අදහසට ස්තුතියි..

      Delete
  8. බ්ලොග් එකේ නමටම හිත ඇදිල ගියා. හරිම අපූරුයි.

    කවිපංතියත් රසවින්දා. ගම්මානෙක නොඉඳුල් ආදරයක් වගේ. බලමු ඉතිරි කොටස් ටිකත් කියවලා.

    දිගු ගමනකට සුබපතනවා ඔබට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.... හොඳ නමක් මතක් කරගන්න ගොඩක් මහන්සි වෙන්න උනා...
      ඉක්මනටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ මීළඟ කොටස් ටික.

      Delete
  9. ලස්සනයි කවි පෙළ , සුභ පතනවා ඔයාට ............. ලස්සන බ්ලොග් එකක්
    ඉතුරු ටිකත් දාන්න මේ ලස්සන ආදර කතාවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... ඔව් ඉක්මනින්ම ලියන්න තමයි හිතන් ඉන්නේ :)

      Delete
  10. ගම්මානේ - 3

    http://kadayima.blogspot.com/2017/01/3.html

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....