Saturday, February 21, 2015
ජය මුමුණන හිත්වල ...
අපි එක්වුන හැම තරගෙම ..
සිහනද..
හැම තැනකම ..
පතිරෙනා ...
නිරතුරුවම සිව්දෙස ...
තණතිලි වල ..
සිරි ලංකා නාමය...
රජවෙනා ...
ආවත් මුළු ලෝකෙම ..
එකවර ..
සිංහයෝ..
උන් පරදනා ...
ඇස් පිල්ලන් නොගසන ...
මොහොතට..
මුළු තරගෙම ..
උඩු යටිකුරු කරවනා ...
උන් නොසිතන මොහොතට ..
මුළු පිටියම ..
දෙවනත් වන ...
පන්දුව යොමුවනා ...
හැම පිටියක් ගානෙම
අප සිංහයෝ ...
දිනවන ..
ජයගොස පතිරෙනා ...
ඇසුවන් සිත් වෙව්ලන..
පිති හරඹය ...
වස්සානය ..
ගෙන එනා ...
ලේ කකියන හිත්වල..
පොපියන ..
සිහ ධජ ..
ලෙලදෙනා ...
එන එන හැම පන්දුව ...
වා තල..
දෙදරනා ...
ගිනි පුලිඟුව කරමින ...
අද එක්වෙමු හැමදෙන ...
දිනවන්නට ...
පින්බර ..
මව්බිම ...
කඳු හෙල් මේ හැමතැන ...
උන්මාදය...
රජවෙන ...
දිනයක් එළඹෙනා ...
ජය මුමුණන හිත්වල ...
කුසලානය ..
නිරතුරුවම ...
දිළිසෙනා ...
පින්තුරය අන්තර්ජාලයෙනි.
Tuesday, February 10, 2015
වෙන කොහෙද, කඩේ බන් ....
අඩි දෙක තුනක්
උඩින් යන්නට
හිතෙයි නම් උඹට
පව් කියා සිතෙයි මට
වරක් නොව සිය දහස්
වතාවත් ඇසිල්ලෙන් ...
අහංකාරකම් නම්
එමට ඇත සැමතැනම
දවසක ඔය අහංකාරය
නිලංකාරය වෙයි
උඹටත් නොදැනීම ...
මනුස්සයෙක් දුටුවිට
මාන්නය වදී නම්
ඉහ මුදුනටම
ටවුමේ නිසාද මන්දා
මනුස්සකම දෙපාවල ...
දිනෙක අසරණ වුනොත්
උදව් අසාපන්
මතක් කර දිය හැකියි
තිබුණු මාන්නය
කඳුළු පනින්නට
ඇස් දෙකෙන්ම ...
අනෙක් උන් උඹේ අතකොළුවක්
කියා නම් සිතෙන්නේ
කඩේ යන උනුත් පව්
උඹත් පව් අපිට නම්
පොලවේ පය ගහලා ඉන්න
හින්දා අපි කවදත් ..
අපිට නම් හිතෙන්නේ
එක දෙයක් ..
යන උන්ද පව් යවන උන්ද පව්
වෙන කොහෙද, කඩේ බන් ....
පින්තුරය අන්තර්ජාලයෙනි.
Sunday, February 8, 2015
ඒ අහස මට කොච්චර දුරද?
ගැනිය නොහැකි තරමට
විසිරුන තරු කැට යට
මම කොච්චර පොඩිද ?
දුරින් දිලෙමින් හිනහෙන
සිනාසෙමින් දිස්නෙට බැබලෙන
ඒ තරු යට
මම කොච්චර අදුරුද?
අල්ලන්න අත නැහැ දිගට
ආවත් මම ලෝකය අගට
පේනවද මාව ඔයාගේ ලොවට
දුරින් හිඳ මාව අඩවන
ඒ අහස මට කොච්චර දුරද?
නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර :
තරු ගනින තරමට
අනන්ත වූ අහස
නොතකමින් නුඹ
අතරමං කරයි සිත..
දුර වුවද තරුවට නුඹෙන්
යලි නොඑන බව නොදැනුනත්
මග බලන නුඹ සිටින බව
අඳුර පමණක් දනියි..
නොපිපුනද අත දුරක
හදවතින් නුඹේ ළඟ
රැඳෙනු ඇත නිරතුරුව
වැටෙන කඳුලට වඩා හද රැඳී
රිදුම සතුටකි සිතට..
විසිරුන තරු කැට යට
මම කොච්චර පොඩිද ?
දුරින් දිලෙමින් හිනහෙන
සිනාසෙමින් දිස්නෙට බැබලෙන
ඒ තරු යට
මම කොච්චර අදුරුද?
අල්ලන්න අත නැහැ දිගට
ආවත් මම ලෝකය අගට
පේනවද මාව ඔයාගේ ලොවට
දුරින් හිඳ මාව අඩවන
ඒ අහස මට කොච්චර දුරද?
නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර :
තරු ගනින තරමට
අනන්ත වූ අහස
නොතකමින් නුඹ
අතරමං කරයි සිත..
දුර වුවද තරුවට නුඹෙන්
යලි නොඑන බව නොදැනුනත්
මග බලන නුඹ සිටින බව
අඳුර පමණක් දනියි..
නොපිපුනද අත දුරක
හදවතින් නුඹේ ළඟ
රැඳෙනු ඇත නිරතුරුව
වැටෙන කඳුලට වඩා හද රැඳී
රිදුම සතුටකි සිතට..
Thursday, January 8, 2015
ගලවා බලාපන් පාට කණ්නාඩිය
දුක හිතෙනවා බන්
දකිද්දී දැන උගත් කියන උන්
රඟපාද්දී අනිත් උන් තලාගෙන
පව් බන් උඹලට දෙන හුස්ම පොදත්
මහ පොලවට, ගහ කොළට
පාට කණ්නාඩි වලින්
ලෝකය බලන්නට වෙර දරන
උඹලා දන්නේ නැති වේදනා
හදවත් වල ගැටෙද්දී
උඹලා හැංගිලා වෙව්ලද්දී
ළඟ රැඳුනු උන් අමතකව
මොළ මෝරද්දී ඇඟට එන
ඔය පොෂ් ආතල් එකට
උගත් කමට අනිත් හැමදේම
යට බව හිතන උගත් බුද්ධිමතුන්
අනෙකාගේ පොල් කෙන්ද
හාර හාරා හොයද්දි
පොල් පරාල හංගන්නට
මහන්සි වෙයන් හනිකට
මොකද උඹේ පාට කණ්ණාඩියේ
පාට හේදුනු දවසට උඹත්
ඔය උඹ කියන නුගතා වේවි
උඹටත් නොදැනීම ....
දමා බලාපන් පාට කණ්නාඩිය
පෙනේවි උඹට හැමදේම ලස්සනට
හැබැයි එකම පාටින්
මොකද උඹ හිතන්නේ
හැම මගුලකටම උඹේ
බුද්ධිමත් තර්කය ඔබන්නට නම්
පාට කණ්නාඩිය ගැලවේවි
උඹටත් නොදනිම ....
ගලවා බලාපන් උඹේ ඔය
පාට අරුමෝසම් කණ්නාඩිය
පෙනේවි උඹට නොපෙනුණු
නොඇසුණු දේ ටිකෙන් ටික ..
Saturday, January 3, 2015
නොදැන සිටියා නොවෙද
හිමිදිරියේ උණුහුමින්
නැගෙන හිරු රැස් පොදින්
සවිය දුන් නමුදු නැගෙන්නට
කාලයක් ගෙවුණු බව නොදැන
සැනින් සවිමත් වුවෙක් ලෙස
දිලෙන කල ගෙවත්තෙහි
දුර සිටින හිරු නොවේ
ළඟ රැඳුනු මුලයි
සියලු බර පැන කලේ ...
නිමේෂයකින් අමතකව
ගිය විටෙක සියලු දෙය
එය නොවේද පිරිහීම
දන්න හඳුනන සැවොම
දුර රැඳෙන අය මෙන්ම
ළඟ රැඳෙන අයවලුන්
වද නොවේ නම් මෙතරම්
නුඹත් නැත අද දිලෙන්නට ...
කෙටි කලට වහල් වී
සිටි නමුදු තුටු වෙමින්
නොදැන සිටියා නොවෙද
අවසනත් එයම බව ...
Wednesday, December 31, 2014
පිය නගමු දුරුත්තට ..
365 දිනකට
ජීවිතය අලුත් වන
තවත් දවසක්
එන්න වගේලු
හැබැයි හැමදාම වගේ
කරගත්තු, ලැබුණු
දෙයක් නැතිකොට
ඔය පරණ සිද්දිය
අලුතක් නොවේ මට
නොකර මග හැරුණු
වැඩ එකින් එක
අහුලමින් මම
පිය නගමි දුරුත්තට ..
31න් 1 ලබන
තවත් දවසකි මෙය
අමුතු පාටක් එහි
නැත මවන්නට
එකින් එක හිත රැඳුනු
බලාපොරොත්තු
පොදි බැඳන් මම
පුරුදු කම්මැලි
සෙමින් ගමනෙම
පිය නගමි දුරුත්තට ..
කරන වාගේම
කරන්නට යන
සියලු දේවල්
සිතන විදියට
සිතන අයුරින්
ඉටුවන්න පතමින්ම
පිය නගමු දුරුත්තට ..
Saturday, October 25, 2014
නිමාවී හමාරයි
පැලය එක වරෙක
ගසක් වනු ඇතිද එය
නැත ලොවේ දකින්නට
කෙනෙක් අද ඉතිරිව
ව්‍යසනය අරුත් දෙන
සියලු දේ හමාරය
අවසනක නිමාවයි
මේ රුඟුම් රඟන්නේ
දැවී ගිය ලෝ තලේ
සැණකෙළිය මවන්නේ
පැවසුවද යලි යලිත්
නැහැ ඇසුම දැනෙන්නේ
නිමාවී හමාරයි
අළුව ගොස් මිහිතලේ
අහස් ගැබ ඉරිතැලී
ගිනි පුලිඟු ඇදහැලී
ලෝකයම අඳුරු වී
හමාරයි නිමාවී
නිලට රත මුහු වෙමින්
වැටුණු ඒ පුලිඟු කැට
දෙදරවයි ලෝ තලේ
වරෙක නොව
වතාවක් සියදහස්
මෙය නොවෙද පැවසුවේ
ගන්න මේ හුස්ම පොද
රකින්නේ සොබාදහමින්ම
වේ......
පින්තූරය අන්තර්ජාලයෙනි.
Wednesday, October 8, 2014
සුර ලොවකි හදවතට
නතර වුන හිත ගාව
ගෙවන හැම නිමේෂය
සුර ලොවකි හදවතට
නොවෙන අමතක දිනෙක
පුරාවට මා දිවිය...
තරු අවදි වී හිඳින
වෙලාවට පමණක්ද
අරුත ඇති නිදහසක්
දැනෙන්නේ හදවතට
හැම විටම...
නුඹයි මගේ හදගැස්ම
නිතර මුණ නොගැසුණත්
සුළු දෙයක් නොවුවද
රැඳෙනු මැන හද ලඟම
නිරතුරුව...
දිනෙක මේ හැමදේම
අවසන්ව නුඹ ලඟට
එන්න හැකිවෙයි
යලිත් හද විඳගන්න
සදහටම...
දුකක් නැත හදවතට
එකතු වන බව
දැනෙන විට හැමවිටම
නමුදු එක දුකක් ඇත
රිදෙන මුළු හදවතම...
අනිකක් නොවෙයි එය
නුඹේ හිත ගැනයි දුක
නමුදු දුක් නොවනු මැන
දිනක් ඇත වෙන් කෙරුණු
එක් වන්න සදහටම..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
ගෙවන හැම නිමේෂය
සුර ලොවකි හදවතට
නොවෙන අමතක දිනෙක
පුරාවට මා දිවිය...
තරු අවදි වී හිඳින
වෙලාවට පමණක්ද
අරුත ඇති නිදහසක්
දැනෙන්නේ හදවතට
හැම විටම...
නුඹයි මගේ හදගැස්ම
නිතර මුණ නොගැසුණත්
සුළු දෙයක් නොවුවද
රැඳෙනු මැන හද ලඟම
නිරතුරුව...
දිනෙක මේ හැමදේම
අවසන්ව නුඹ ලඟට
එන්න හැකිවෙයි
යලිත් හද විඳගන්න
සදහටම...
දුකක් නැත හදවතට
එකතු වන බව
දැනෙන විට හැමවිටම
නමුදු එක දුකක් ඇත
රිදෙන මුළු හදවතම...
අනිකක් නොවෙයි එය
නුඹේ හිත ගැනයි දුක
නමුදු දුක් නොවනු මැන
දිනක් ඇත වෙන් කෙරුණු
එක් වන්න සදහටම..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Friday, August 15, 2014
නිමක් නැති සයුරු තෙර...
නිමක් නැති සයුරු තෙර
ඉම කොනක් නොමැති මුත්
ගිලුණු රතු හිරු මඬල
සිහි කරයි අවසනක්
බැඳුනු යුවලක් පෙමින්
කල් ගෙවයි සන්තොසින්
සුළං රැලි සරුංගල්
රඟයි සැණකෙළිය මෙන්
අඳුර ඉඩ ඉල්ලමින්
එළිය වෙත ඉඟි කරයි
නොදී බැරි කලෙක මෙන්
එළිය යයි මිහිතලෙන්
අද ගියද හෙට දින යලිත්
එන බවට දිවුරමින්
යයි ගිලී දැන් හෙමි හෙමින්
කෙරුණ ඒ පිළිසඳර
සයුර පමණක් දනියි...
Friday, August 1, 2014
ගම්මානේ - 2
මොනවද අයියණ්ඩි ඇවිදින් කියවන්නේ
මම තව බහ නොදුන් බව නැහැ වාගේ දන්නේ
අප්පච්චිත් තවම අවසර දුන් නැහැනේ
ඔහොම බනින්නට අවසර තව නැහැනේ
නුඹ තව නොදත් දේ තියනවා වාගේ
මාමා කැමැත්තත් දීලා අහවරනේ
තනිපංගලමේ මේ විදියට කියවන්නේ
නම කැත වෙනවා දන්නේ නැහැ වාගේ
සිදුවූ සියල්ලම දුටු සුදු බණ්ඩාර
කිසිවක් කියාගන්නට බැරි ආකාර
බැල්මක් හෙලා හරි දුක්පත්කාර
ඇසුවා නුඹ ඇයිද මේ හැටි හයිකාර
නඟාව ගන්නවා එන මහ කරකාරේ
වැඩ කටයුතු එහෙම ඇත්තේ මගේ බාරේ
ආයෙත් මෙහෙම මුණ නොගැහෙන්නට පාරේ
නවතන්නට ඕන මේ හිතවත්කම් පාරේ
කිසිවක් නොකී මේ සුදු බණ්ඩාර
ගියා ගොවිපැලට මැද්දෙන් මහ නියර
සිරිලුයි නඟයි හැරුනා යන්නට ගෙදර
පාලුයි මේ වෙද්දී මහ නුග ළඟ පාර
ගොම්මන් වැටෙද්දී මේ දෙන්නා ගෙදර
පැත්තට එද්දී ඇගේ අම්මා නිතර
මග බලමින් සිටියා වත්තේ ගුරු පාර
විදානෙ ඉන්නවා වත්තේ සරුසාර
මාමා මොකද මේ ගොම්මනේ මැද වත්තේ
යන්ටකෝ වලව්වට අපි මේ එනවානේ
නැන්දත් ඇවිත් ඇයි මේ කලබල වෙන්නේ
මම ඉන්නවනේ මේ හැම දේවල් මත්තේ
ඇයි උඹ මුණ එල්ලාගෙන ඉන්නේ
අයියත් එක්ක කතා බහක් නැහැ වගේනේ
එන්න පුතේ මේ හරියෙන් ඉඳගන්නේ
වැඩ කටයුතු එහෙම කොහොමද පවසන්නේ
ඒ හැටි වැඩක් තිබුනේ නැහැ නොවැ නැන්දේ
ගල් කන්දට ගියා මම බලන්නට එහෙ යුද්දේ
ගල් හෙම ගෙනිහින්නේ හොරු සෑහෙන ගල් කන්දේ
කම්බි අදින්නට වෙනවා වතු මායිම මැද්දේ
දුවේ දන්නවනේ අයියා මෙහෙ එන්න
හේතුව නුඹව කරකාරෙට අරගන්න
දැන් හරි වයස නුඹ දීගෙක යන්න
අම්මයි මමයි කැමතියි මේකට ඔන්න
මේ දරුවට ඉතින් මොනවායින් අඩුවක්ද
සතුටින් දෙන්නා එක්ක ඉන්නට බැරි මොකද
අප්පච්චියි මායි මහ කාලයක් තව ඉන්නවද
අකමැති වෙන්න හේතුවක් හෙම නැහැ නේද
එහෙනම් තවත් දෑ අවුරුද්දක් ඕනේ
මගුලක් තකහනියේ අරගන්නත් බෑනේ
කරගන්නට වැඩත් ඔහෙලට හෙම ඇතිනේ
එතකල් සුදු නැන්දලාගේ ගෙදරට මම යන්නේ
මාමගේ කැමැත්තට ඉඩ දෙන්නට බැරිද
ඔය විදියට මුරණ්ඩු වෙන ඒක හරිද
ඔය පැතිවල ගිහින් ඉන්නට පුලුවන්ද
නැන්දත් නගාලට පොඩ්ඩක් කියනවද
අප්පච්චිට හොඳයි දැන් බොහෝ දුරට
යන්නට තිබෙන සති දෙකකට එක වරට
අම්මත් එක්ක යන්නට මහ රෝහලට
එනවා කලින් දින හැම වරකම ගමට
දුවත් කියන හින්දා තව ටික දවසක්
බලලා කතා කරගමු එක තීරණයක්
මාමත් ගෙදර ඇවිදින් නැහැ වැඩි දවසක්
උන්දැට හොඳ නැහැනේ වැඩිපුර කතා බහක්
පොඩි කාලෙත් මම හිටියේ එහෙ නොවේද
ගෙදර පැත්තේ ඇවිත් යන්න බැරි මොකද
අම්මා අප්පච්චි පරිස්සමට ඉන්නවද
ගෙනියන්නට තියන දේවල් හෙම දෙනවාද
එහෙනම් නැන්දේ අපි ඒ විදියට කරමු
අපෙ අම්මටත් මේ ගැන කියලා තියමු
හොඳ විදියට සිදු වෙනවා බව සිතමු
එහෙනම් දෑ අවුරුද්දකින් මංගල්ලය කරමු
මතු සම්බන්ධයි...
Subscribe to:
Posts (Atom)








